🔥දහනවවන සඳ🔥

2K 424 381
                                    

එරික්ගේ මුවින් ඒ අසික්කිත වචන ටික පිටවෙනකොටම මට යක්ශයා ආවේශ වුනා....මම තරහට ඌට මොකුත් කියන්නත් කලින් ෂෙවෝන් ඉස්සර වුනා...කොල්ලාගේ වචනවල තිබ්බේ දැඩි බවක්....

"එරික්...ප්ලීස්...ජාන් කවුද කියලා අපි හැමෝම දන්නවනේ...මෙහෙම කරන්න ඔයාලට බෑ...හී ඊස් අවර් ෆියුචර් ක්වීන්....කින්ග් අපි සේරමලාව උල තියයි...."

ඔක්කොමත් හරි...මා වෙනුවෙන් ෂෙවෝන් හඬ අවදි කරයි කියලා නම් මම ජීවිතේට හිතුවේ නැහැ....මට ඒ ගැන ආඩම්බරයකුත් ඇති වුනා....මුළු බැච් එකේම ඇල්ෆලාගෙන් ඈලිමෑලි ගතියට ඉන්නේ ඌ....

"කින්ග්වත් ඇල්ෆා මෙම්බර්ස්ලාවත් අපේ වැඩවලට ඇඟිලි ගහන්නේ නෑ...අපේ ක්‍රමයට වැඩ කරන්න අපිට අවසර තියෙනවා...අදාල නැති ඒවට මැදින් පනින්න එපා...මෙයා අනාගත රැජිණ මිසක් වර්තමානයේ රැජිණක් නෙවේ...දැනට මෙයා ඇකඩමි එකේ ෆස්ට් ඉයර් එකේ ටොප් ස්ටුඩන්ට් කෙනෙක්...නතින්ග් ස්පෙශල්...උබ මෙයාව උඩ දාගෙන හිතුවට මෙයත් අඩි ගානක් උඩින් ගියත් මට මෙයා ලොක්කෙක් නෙවේ....ඒත් මන් මේ ඇට්ටර මුරණ්ඩු ගති වලට කැමතී...."

එරික් මගේ උඩ ඉදන් පහලට බලලා කියනකොට මම ඌට දුන්නේ උපහාසාත්මක හිනාවක්.....

"ෂෙවෝන් තෑන්ක්ස් මන් වෙනුවෙන් කතා කලාට...අවාසනාවට ඔයාට තියෙන කොන්ද මේ මල්ලිට නැති එක ගැන මට දුකයි...පොරක් වෙන්නේ ලැජ්ජා නැති වැඩ වැඩියෙන් කරන තරමට කියලයි මෙයා හිතා ඉන්නේ...මට රැජිණ කියලා ඔයාලට මට වැදගෙන ඉන්න කීවේ නෑ මිස්ටර්...මගේ බැච් එකේ කොල්ලන්වත් එහෙම නෑ...ඒ නිසා නැති දෙයක් උලුප්පලා පෙන්නලා ඔයා රඟන්නෙපා...."

මන් ෂෙවෝන්ට තෑන්ක්ස් කරලා අරූ දිහා බලනකොටත් අරූ පපුවට අත් දෙක බැඳගෙන බලා හිටියේ කින්ඩි හිනාවක් එක්ක....මූට මා එක්ක ඔච්චරටම තියෙන මල මොකක්ද දන්නේ නෑ....අනික කින්ග්ටවත් මෙම්බර්ස්ලටවත් මෙයාගේ වැඩවලට අත පොවන්න බෑ කියන එකෙත් පොඩි අමුත්තක් තියෙනවා....මන් ඒකත් හොයාගන්නම්කෝ...

"ලස්සන ටෝක්ස් දෙන්න ඔයා දන්නවනේ ජාන්...නම්බර් වන් රෑන්කින් ගත්තු ඇල්ෆා හෙවත් ෆස්ට් ඉයර් එකේ වීරයා බය වෙලාද ඉන්නේ මට?..."

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now