🔥හතලිස්තුන්වන සඳ🔥

2.2K 403 406
                                    

මේ චැපිය කියවන්න කලින් දියවැඩියාවට පෙත්තක් අරගන්න කියලා ඕතරී රෙකමන්ඩ් කරන්න කැමතී...සීනී වැඩිවෙයි එහෙම නොවුනොත් 🤣😋

මම වැස්සේ අත් දෙපසට විහිදුවමින් මූණට වැටෙන වතුර බිංදුවල පහස විඳින්න පටන් ගත්තා....මුවට වැටුනු වැහි වතුර අමෘත රසයකින් මට දැනුනා....කාලෙකින් හිතට දැනුන නිදහස භුක්ති විඳිනවා මන්...යිබෝ අද විසඳුව රහස නිසා මට තවත් සතුටුයි....ජාන් රෝස් අභිරහස...

දැන් ඉන්න ලුසිෆර් වචනෙන් ලොකුවට කතාබස් නොකලත් හැඟීම් පිටත ලෝකයට නොපෙන්නුවත් එයා එක්ක මට පුළුවන් වෙයි නිදහසේ කතාබස් කරන්න...ඒකෙන් අදහස් කරන්නේ නෑ මම දැන් එයාට බය නැහැ කියලා...එයා එක කමාන්ඩ් එකක් දුන්නත් ඇති මාව සරෙන්ඩර් වෙන්න....සමහර වෙලාවට එයාගේ ඩෙවිල් ලුක් එකක් ප්‍රමාණවත් මාව මෙල්ල කරන්න..මිෂන් ලුසිෆර් එකෙන් අවසානයේ මට්ටු වුනේ ජාන් මිසක් යිබෝ නෙවේ......බලන්න ඒකෙත් හැටි.....

පොලොවේ පය හප්පලා ගිරිය කඩන් කෑ නොගැහුවත් දැන් ඉන්න ලුසිෆර් කලින් හිටපු ලුසිෆර්ට වඩා බිහිසුණු කෙනෙක් කියලා මට නිකමට දැනෙනවා....කොයිම වෙලාවක හරි එයාගේ නියම ස්වරූපය එලියට ඒවි...එදාට එයාට හැමෝම බය වේවි...මට හිතුනෙම එහෙම....එයාගේ බලය තවම එයා මටවත් පෙන්නලා නෑ...විකාර අදහසක් කියලා අහක දාන්න බැරි තරම් මට ඒක හිතට වදදෙනවා....

කලින් හිටපු ලුසිෆර් හිතට ආපු කේන්තිය ඇතුළු පාලනය නොවුන හැඟීම් ගොඩක් මට නොසඟවා පෙන්නුවා...අලුත් කෙනා එයාට වඩා තේරුම් ගන්න අමාරුයි...එකම මුහුණුවර එකම කෙනා තමයි...ඒත් එකිනෙකට වෙනස් පෞරුෂ කීපයක් එයාට තියෙනවනේ.......

සමහරවිට අද ඉන්න යිබෝ වෙන්න ඇති අනාගතය භාරගන්න කින්ග්...අනාගතයෙදි කීවට දැනටමත් එයා කින්ග්නේ...මටත් වගකීම් අරන් එයා එක්ක එකතු වෙලා සතුටින් සුරංගනා කතාවක ඉන්න රැජිණක් වගේ ආදර කතාවක් සම්පූර්ණ කරගන්න ලැබුනොත් කොච්චර වාසනාවක්ද?.....

මම එයාට ආදරෙයි...එයත් ඉක්මනටම මන් උබට ආදරෙයි ජානූ මැණිකේ කියයිද හීනවල හමුවුන විදියටම...ඒක නම් ටිකක් ඈත තියෙන ගෝල් එකක්...එයා වගේ කෙනෙක් සොෆ්ට් වෙලා ආදර කතා කිය කියා ලඟ දැවටෙයි කියලා හිතන්න අමාරුයි.....නොහිතන දේවල් වෙන ලෝකේ හීන දකින එක අතහරින්න නරකයි.....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now