🔥සිව්වන සඳ🔥

2.1K 418 215
                                    

කාගේ ඇස් මා දිහාට යොමු වෙලා තිබ්බත් ඒ දිහා බලන සිහියකින් නෙවේ මම හිටියේ...හිත ගැස්සෙන දේවල් මේ වගේ වෙලාවක භයානකයි...ඒත් මම ඇයි හිතා හිටියේ මන් දිහා බලා හිටපු ඇස් දෙකෙන් මගේ හිත ගැස්සෙයි කියලා...ඔයාලට හිතා ගන්න පුලුවන් නේද මන් කවුරු ගැනද කියන්නේ කියලා?..අද නම් මට පිස්සු...ඒ නිසා මන් කියන ඒවා ගනන් ගන්නෙපා ලොකුවට...මම කීවේ එයා ගැන මන් කියන දේවල් විතරක් ලොකුවට ගනන් ගන්න එපා කියලා හොඳද...අනික් ඔක්කොම ඔය ඔලු කටු ඇතුලට දාගන්න...

දැන් රෑ දොලහත් පහු වෙලා සෑහෙන වෙලාවක් ගිහින් ඇති...අලුත් කැම්පස් එකට ඇවිත් දවසක් ගතවෙන්නත් කලින් මම ඇකඩමි එකට ඇප්ලයි කරලා රිජෙක්ටුත් වෙලා ආපහු සිලෙක්ට් වෙලා ඒත් හරියටම සිලෙක්ට් වෙන්න දැන් තරඟ කරනවා බාගෙට මැරිලා ඉන්න මේ වෙලාවේ....ජාන් කියන්නේ විශේෂිත ජීවියෙක් වෙන්න ඇති...මට එරෙහිව මුළු ලෝකයක්ම...අර කින්ග් මා දිහා බලා හිටියෙත් ඒ හින්දා වෙන්න ඇති...මොකට මන් එයා ගැනම හිතනවද මන්දා...

අපි ඔක්කොම ඇල්ෆා මෙම්බර්ස්ලා අපිට කීව විදිහට පෙල ගැහුනේ නියමිත ස්ථානවලට අනියුක්ත වෙමින්...මහ පාන්දර අක්කර සීයක් දුවන් යනකොට තියෙන සැප කියලා වැඩක් නෑ...ඒකත් මම වගේ දවසක්ම බඩගින්නේ ඉඳලා මානසිකව වගේම කායිකවත් හෙම්බත් වෙලා හිටපු එකට ලැබුන පට්ටම බෝනස් එකක්...සැපායී....සැප කනේ...

සරලවම කිව්වොත් අපිව මරන්න අපිට වඩා වේගවත් එකෙක් පස්සෙන් දුවන් එනකොට ජීවිතේ බේරගන්න තියෙන මුළු ශක්තියම යොදලා දුවන හැටියට තමා අපිට දුවන්න තිබුනේ...ඇල්ෆලාට දිවීම මහ දෙයක් නොවුනත් මෙච්චර පදාසයක් එක දිගට දුවන එක කරන්න අපහසු කාර්‍යයක්...අක්කර සීයක විතර භූමියක් වටා දුවනවා කියන්නේ පැය කීපයක්ම දුවන්න වෙනවා කියන එකයි...එකම වටප්‍රමාණය නවතින්න කියනකම් එක දිගට දුවනකොට අපි කී දෙනෙක් අවසන් කරයිද මේ වැඩේ...හැතැප්ම දහයක් විතර දුවනකොට මම නම් කලන්තේ දාලාම වැටෙයි....ඒ ගැන හිතනකොටත් මට අමාරුයි....හිතලම මහන්සී...මට නම් තියෙන්නෙ හොඳ ආරම්භයක් නෙවේ...ඒත් අතාරින්න කොහොමටවත් බෑ...

මම හිතින් අපිට ලැබුන පලවෙනි ටෙස්ට් එක ගැන අහස පොලොව ගැටලන්න කල්පනා කරමින් ඉන්න අතරතුර ගන් ෂොට් එකක් අහසට නැඟුනේ අපිට දුවන්න විධානය දෙමින්....අපි දිව්වා....උපරිම ශක්තියෙන් දිව්වා...මම දැක්කා මගේ ඇස් අඟින් සමහර ඇල්ෆා ස්ටුඩන්ට්ස්ලා බිම වැටෙනවා අතරමඟදි...මටත් මහන්සී...දාඩිය දාලා හොඳටම...නවතින්න බෑ...මගේ එහා පැත්තෙන් ඇල්ෆා මෙම්බර් කෙනෙක් දුවනවා...එයා නම් කිසි ගානක් නැතුව දුවනවා හරියට පාන් එකක් ගන්න කඩේට දුවන තාලෙට...කාලෙකට කලින් එයාලත් මේවා කරලා දැන් පදම් වෙලාද?...මට ඒකෙන් පොඩි ගැම්මක් හිතට දැනුනා...හිතේ ශක්තිය විතරයි මට හයියට මගේ ලඟින් හිටියේ..

Alpha Academy (Yizhan)✅On viuen les histories. Descobreix ara