🔥පහලොස්වන සඳ🔥

2.5K 437 628
                                    

යිබෝ මාව දාලා ඒ කාමරෙන් ගියේ හිතාගන්න බැරි තරම් රිදවීමක් මගේ හිතට දීලා...මටම හිතාගන්න බැරිවුනා මන් ඇයි කම්පා වුනේ කියලත්...මන් එයාට කැමතිත් නෑ...එයා මට කැමතිත් නෑ...ඉතින් එයා වෙන කෙනෙක්ට ආදරේ කලත් මට මොකෝ....එයාගේ ක්වීන් වෙලා ලැබෙන දෙයක් කාලා බීලා ආතල් එකේ බලතල පාවිච්චි කරන් මට ඉන්න පුළුවන්නේ...ඒත් එයාව වෙන කෙනෙක්ට අයිතියි කියන හැඟීම මාව ටිකක් රිද්දුවා.....ටිකක් කිව්වට ටිකකට වඩා ටිකක් වැඩියෙන්....

මන් කාමරෙන් දුවලා ගියත් යිබෝව හොයාගන්න බැරිවුනා...මන් ඉස්සරහට ආවේ ෂූයෑන්ග්...අරයා ඉරලා දාපු ෂර්ට් එකේ කෑලි එහෙන් මෙහෙන් ඇඟේ එල්ලෙමින් තියෙනවා දැකපු මට ෂූයෑන්ග් ඉස්සරහ ලැජ්ජා හිතුනා...යිබෝයි මායි අතර මොනා වුනා කියලා මෙයා හිතයිද දන්නේ නෑ....

මූණ රතු කරන් උගුර පාදපු එයා මට අත් දිග සුදු පාට ෂර්ට් එකක් දිගු කලා අහක බලාගෙනම...එදා බින් ලෝගුව දුන්නා වගේ තමා...ඉහලින් ආපු අණ වෙන්න ඇති...ඒත් යිබෝ මොකටද මන් ගැන කෙයාර් කරන්නේ එයාගේ හිතේ වෙන කෙනෙක් ඉන්නවා නම්....මට මොකෝ එයා කාට ආදරේ කලත්...ඉස්සෙල්ලා මගේ ඇස්වලට කඳුළු උනපු එක ගැන මටම තරහක් ආවා...එයා වෙන එකෙක්ට ලව් කරන්නයි මන් වැලපෙන්නයි...ඒවා කොහෙද මාත් එක්ක?..

"ඔයා හොඳින්ද ජාන්?..."

පපුවට අත් බැදන් රවාගෙන හිටපු මගෙන් ෂූයෑන්ග් අහනකොට මන් එයාට දුන්නේ සීතල බැල්මක්...මෙයත් ආවා දුක අහන්න...එච්චරයි මට අඩු....

"ඔව්..මට මොනා වෙන්නද?...කින්ග් හොර කරලා කඩු ෆයිට් එකක් දින්නා...මන් මේ ඒකට තරහින් ඉන්නේ..."

හිත ඇතුල තිබ්බ දේ නැතුව වෙන දෙයක් ෂූයෑන්ග්ට මන් කීවේ හිතේ තරහා එයා මතින් පිට කරන ගමන්...මන් ක්වීන් වෙනවා නම් මෙයා මන් කියන දේවල් අනාගතේදී අහයිනේ....මම දැන් පොඩ්ඩක් සැර වුනාට මොකෝ?...එහෙම කියලා මන් එයා දීපු ෂර්ට් එක ඇදලා වගේ අරගෙන ඇඳගත්තා...ඒකේ තිබ්බේ යිබෝගේ සුවඳ...හීනෙන් පේන එයාගේ ඇස් තරමටම මට එයාගේ සුවඳත් හුරුයි.....මොනා වුනත් මන් තාම තීරණය කලේ නෑනේ එයාව බඳිනවද නැද්ද කියලා...බැන්දොත් බැරි වෙයිද දන්නේ නෑ මෙයාලට මටම කියලා ගෙයක් දෙන්න....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now