🔥තිස්එක්වන සඳ🔥

1.9K 423 321
                                    

මගේ කකුල් ලඟ කෑලි කැඩිලා විසිවුන වයින් වීදුරුවේ සුන්බුන් දිහා මන් බලාගෙන හිටියේ කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව...ඇයි මෙයා මට ඇඳුම් ගලවන්න කියන්නේ...මටත් කියලා ආත්ම ගරුත්වයක් තියෙනවනේ...ඔන්න ඔහේ උඩ ෂර්ට් එක විතරක් ගලවලා දානවා බල කලොත්....එයා දැකලා නැති එකක් නෙවේනේ...යිබෝ දැකලා තියෙනවනේ ලුසිෆර් නොදැක්කත්....මෙයා හරිම කෲරයි....

ජෙරමිට ලැබුන දඬුවම සැර වැඩී...මෙයා ජෙරමිට කිව්වනේ මෙයා එයාට ආපහු එන්න දුන්නා කියලා....පරණ තරහක්වත් පිරිමැහුවද දන්නේ නෑ...මේ ඔක්කොටම මුල එරික් මගේ ෆෝකස් එක බිඳින්න කියපු කතාව..අනේ දෙයියනේ මන් වගේ ගොනෙක්...ඇයි මම ඌ කියපු දේට හිත යොමුකලේ...

යිබෝගේ කලින් මේට් මැරුණු කෙනෙක්නේ....වෙඩින් එකට ආයේ එන්නේ කොහොමද මේ ලෝකේ නැති කෙනෙක්...කින්ග් ගැන මොනාම හරි කියලා මගේ අවදානේ වෙනතකට හරවන එකයි ඌට උවමනා වුනේ....මන් වගේ හද්ද ගොනෙක්...මැරුණු කෙල්ලෙක්ට ඊරිසියාකරන නිසා හිත ඇතුලේ තිබ්බ ඒ ඊරිසියාව උඩට ඇවිත් මන් මෝඩයෙක් වගේ පැරදුනා...ඒකෙන් වුනේ ජෙරමිට ජීවිතේ අහිමි වුන එක.....සීනියර් බැච් එකටම පනිශ්මන්ට් ලැබුන එක.....

හිස අහිමි වෙලා මැරෙන්න වෙන වෙයාර්වුල්ෆ් කෙනෙක්ගේ ආත්ම අඳුරේ හිරවෙනවා කියලා මන් අහලා තියෙනවා...එහෙම අයට සදාතනික දුකක් ලැබෙන්නේ....ජෙරමිටත් වෙන්නේ ඒකමයි ඒ කතාව ඇත්තක් නම්....

ලුසිෆර් බීස්ට් කෙනෙක් කියලා බින් ෂූයෑන්ග් වගේම යිබෝ කියපු කතාවත් හරි....එයා කේන්තියෙන් තීරණ ගන්නේ.. ජෙරමිට පනිශ්මන්ට් දෙන එක සාධාරණ වුනත් එයාව මරපු එක අසාධාරණයි....ලුසිෆර් එයාගේ ස්ටුඩන්ට් කෙනෙක් මන් නිසා මැරුවා....ඒ මොනවා වුනත් එයා මන් ඉස්සරහ ඉවසන එකම ලොකු දෙයක්....ඒත් දැන් මට ඒ ඉවසීම ගැනත් සැකයි....එයා කොයිවෙලේ කොහොම වෙනස් වෙනවද කියන එක මට තේරුම් ගන්න බැහැ.....

"උබ කල්පනා කරනවා වැඩී ජානූ මැණික..."

කණ ලඟින්ම ඇහුනු ගොරෝසු හඬට මාව ගැස්සිලා ගියා...මෙයා කොයි වෙලේද මා ලඟට ආවේ...කල්පනා ලෝකේ අතරමන් වෙලා ඉන්න අතරතුරේ මම එයා මා ගාවට එනවා දැක්කෙත් නෑ....මෙයාට අදෘශ්‍යමානව එහා මෙහා යන්න පුළුවන් බලයක්වත් තියෙනවද......නැත්තම් මම සිහියක්  නැතුව කල්පනා ලෝකේ පතුලටම ගිලිලා හිටියාවත්ද?....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now