🔥පනස්හත්වන සඳ🔥

1.7K 360 519
                                    

මට හිතාගන්න බැරිවුනා මගේ ඉස්සරහ හිටන් ඉන්නේ කවුද කියන එකවත්...බය කියන හැඟීම මගේ ඇඟ පුරහම දිව්වා....එක පාරටම පිටස්තරයෙක් ඉස්සරහ ඇඟ පණ නැතිවෙලා ගියේ මුද්ද අතින් ගැලවුන නිසා බව තේරුනාම මට දැනුනේ කියාගන්න බැරි තරම් පසුතැවීමක්....

බිම ඇද වැටුනත් මගේ සිහි කල්පනාව හොඳට තිබ්බ මට තේරුනා මෙතනින් පැන නොගත්තොත් මට කරදර වෙයි කියලා...නාඳුනන ඇල්ෆා මගේ ලඟට බර අඩි තියමින් හෙමින් ඇවිදන් එනකොට එයාගේ ස්මෙල් එක ප්‍රභලව මට ටික ටික දැනුනා....ඌ ආවේම හිනාවෙවී....මට ඌව චායාවක් විදියට විතරයි පෙනුනේ....නමුත් අපහැදිලි චායාව අතරින් ඒ හිනාව කැපී පෙනුනා.....ඒ හිනා හඬ ඇහුනා....

ජාන්...ජාන්...අපි මෙතනින් පැනලා යන්න ඕන...මුද්ද ගැලවුන නිසා ඔයාව දුර්වල වෙලා තියෙන්නේ...ලුසිෆර්ට ඔයාගේ මයින්ඩ්ලින්ක් එක කියවන්න බැරි නිසා එයාට ඔයා එක්ක කනෙක්ට් වෙන්න තිබ්බ ප්‍රධාන විදිය ඒ මුද්ද...මේට් මාර්ක් එකේ බොන්ඩ් එක තිබ්බත් ඒක අභිබවා යන ශක්තීන් ලුසිෆර් මුද්ද ඇතුලට දාලා තිබ්බා...සර්වසම්පූර්ණ දේවල් ලෝකේ නෑ...ඉතින් ඒ වගේ ඒ මුද්දට ලේසියෙන් ඔයාගේ ඇගිල්ලෙන් ගැලවිලා යන්න පුලුවන් වුනා....ඒ අඹ ගහ මායාවක් ජාන්...ඔයාගේ ඇස් රැවටූ මායාවක්......

ෆීනික්ස් කොලූ ඇවිත්...

මෙච්චර දවස් හැංගිලා හිටපු මගේ වෘක පැටියා ආයේ මතුවෙලා...මාස ගානක් තිස්සෙම ආගිය අතක් නැතුව හිටිය මගේ ෆිනී....මට ශක්තියක් වෙන්න ඕන වෙලාවෙම එයා ඇවිත්...එයා එකදිගටම කියන් ගිය දේවල් මට අලුත්...මුද්ද මම හිතුවට වඩා බලවත් බව එතකොටයි මට හරියටම තේරුම් ගියේ....හැමවෙලේම ගොඩක් දේවල් මට තේරුම් යන්නේ පරක්කු වෙලා...

දැන්ද උබට මාව මතක් වුනේ ෆිනී?...කවුද මේ?...මට ලුසිෆර් ලඟට යන්න ඕන....

මම ෆිනීගෙන් උදව් ඉල්ලුවා....මට උදව්වට දැන් ඉන්න එකම කෙනා එයා විතරයි....

මට සමාවක් දෙන්න පුලුවන් නම් දෙන්න ජාන්...මම ඔයාව දාලා ගියේ නෑ...මට ලුසිෆර් විශේෂ බලයක් දුන්නා...මම එයාට වඩා දුර්වලව හිටපු නිසා මට මගේ බලය වැඩිකරගන්න ඔයාගෙන් හැංගෙන්න වුනා...ඒක වැඩිවෙන්න නම් මම නිද්‍රාගතව ඉන්න අවශ්‍ය වුනා මාස ගානක්...ලුසිෆර් මට ඒක ඔයාට කියන්න දුන්නේ නෑ...එහෙම හිටියා වුනත් ඔයාගේ ජීවිතේ වුන සෑමදෙයක්ම මම දන්නවා ජාන්.....පප් වෙනුවෙන් මගෙන් ඔයාට සුභ පැතුම්....ලුසිෆර්ට මා එක්ක හිතින් ගනුදෙනු කරන්න පුළුවන් ඔයාට හොරෙන්...මම සම්පූර්ණ බලය අරගෙන ඔයාව රකින තැනකට එනවා බලන්න එයාට උවමනා වුනා...ලුසිෆර් ඔයාට හුගාක් ආදරෙයි ජාන්...දැන් ඒ ගැන මට ඊරිසියාවක් නෑ....මොකද අපි දෙන්නම දැන් එක්කෙනෙක්...ඔයාට ඒක ඉතා ඉක්මනටම බලාගන්න පුළුවන්....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now