🔥හතලිස්දෙවන සඳ🔥

2K 417 336
                                    

යිබෝ මාව ඇදගෙන ක්ලබ් එකෙන් එලියට යනකොට එයාගේ වේගෙත් එක්ක ඔට්ටු වෙලා මාත් ඇදිලම ගියා...මන් පිටිපස්ස හැරිලා බලනකොට තමා ලුවීගේ නිසල සිරුර උස්සගත්ත අර ඇල්ෆාව දැක්කේ...ලුවී මැරිලම වැටෙන්න ඇති...මට මහා දුකක් ඇතිවුනා...

හේතුවක් නොකියා මගේ අතින්ම එයාව මරවන්න ලුසිෆර්ට හේතුවක් තියෙන්නම ඇති....ජෙරමිව මැරුවා වගේම...එයා අන්තිමට කීවනේ සාක්ෂි නැතුව එයා පනිශ් කරන්නෙත් නෑ කියලා...අනේ මන්දා මට තේරෙන්නේ නෑ අප්පා......

මොනවා හිතුනත් යිබෝගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්කමක් නෑ...අනික ලොකුවට කෑ ගහලා නොබැන්නත් ලුසිෆර්ගේ නිවුන ගති තියුණු කටහඬ හොඳටම ප්‍රමාණවත් වුනා මගේ කට වහන්න....මට මොන සම්බුවක් කන්න වෙයිද කියන එක තමා ඊලඟට හිතේ කැරකුනේ.....

එලියට ආවාත් හරි යිබෝ මගේ අත අතෑරියේ නෑ....අතාරිනවා තියා ලිහිල් කලේවත් නෑ.....මන් අත ගලවගන්න බොරුවට දැඟලුවෙත් නැහැ....මේ වගේ වෙලාවක ඉවසීමෙන් ඉන්නවා මිසක් රණ්ඩු කරගෙන බැහැ...එයාගේ ඇස් වලට අනුව මන් වැරදිකාරයෙක්...එයා ෆෝන් එක ඕෆ් කරන් හිටපු එක මට කතා නොකරපු එක වැරදි නෑ ....මම ක්ලබ් ඇවිත් බීලා නටපු එක වැරදි...ඇඳ උඩදී මන් එයාට යට වුනත් හැම වෙලේම එයා කින්ග් නිසා මම එයාට බයේ ඉන්න ඕනද?.....කාට කියන්නද ඉතින් මේ අවනඩු?.....මම ඕවා හිතුවට එයාට කියන්න යන එකක්යැ...මැරුම් කන්න වෙයි...

අපේ කොල්ලෝ ටික හිටපු පැත්තට එයා මාත් එක්කම යනකොට උන් ඔක්කොම හිටියේ ඔලුව නමාගෙන බිම බලන්...පෙරහැර යනවා ඇති උන්ගේ කකුල් වල...මූණ නොපෙන්නුවත් මැක්ස්ගේ මූණ මට මවාගන්න අමාරු වුනේ නෑ....ඌ ඉන්නවා ඇත්තේ චූ යන සයිස් එකෙන්...

මම දැක්කා යිබෝගේ ඉතුරු බොඩිගාඩ්ලා ටික ක්ලබ් එකේ එලියෙන් හිටපු අනික් එවුන්ව එතනින් විසුරුවලා හරිනවා...අපේ ඇකඩමි කොල්ලෝ ටික...ඒ කියන්නේ මන් ඇරුනාම ඉතුරු හත් දෙනාම ශාන්ත දාන්ත තීන්ත කූඩු ටිකක් වගේ බිම බලාගෙනම ඉන්නවා...උන්ගේ වෙරි හිඳිලාත් ඇති මෙලහකට....මගේ වගේම...හිඳෙන්න වෙරිවෙන්න බොන්න හම්බුනෙත් නෑනේ...

"ඇල්ෆා කින්ග් අපිට සමාවෙන්න..."

ෂෙවෝන් කින්ග් ඉස්සරහටම ඇවිත් ඔලුව උස්සන්නෙවත් නැතුව කීවේ බොහොම යටහත් පහත්ව...මට සෑහෙන්න අප්සෙට් හිතුනා...මම නිසානේ මේ ඔක්කොම හුටපට....ඌ මොකටද සමාව ඉල්ලන්නේ...උන් අවසර අරගෙනනේ ආවේ...මමනේ බලෙන් උන්ට එකතු වුනේ...උන් වැරදි නෑ....මමයි වැරදි කින්ග්ගේ නීතිය අනුව බැලුවාම.....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now