🔥දහහත්වන සඳ🔥

2.1K 427 511
                                    

මගේ ඉස්සරහ හිටියේ මන් අවුරුදු විසි තුනක ජීවිතේ දැකපු ලොකුම වෙයාර්වුල්ෆ්...ගිනි පිට කරමින් දත් විලිස්සමින් හිටපු උගෙන් රතු නිල් සහ රත්තරන් පාට ගිනි මාලා පිටවුනා....උගේ ඇස් රත්‍රන් පාටින් දිලිසුනා...

මගේ සියොලඟම වෙව්ලුවා ඌව දැකලා...මොකාද මේ?...ඌ විශාලත්වයෙන් මන් වගේ දෙගුනෙකටත් වඩා වැඩි ඇති....ඒ ඇස් භයංකාරයි...ඌ මන් දිහා හිටපු තැන ඉදන්ම නැවතිලා බලනකොට ඒ දෑස්වලින් මම දැක්කේ වෛරයක්...කේන්තියක්......

ඒ ඇවිත් හිටියේ කවුද කියන එක හඳුනගන්න මට වෙන අටුවා ටීකා අවශ්‍ය වුනේ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ ඇවිත් හිටියේ කවුද කියන එක හඳුනගන්න මට වෙන අටුවා ටීකා අවශ්‍ය වුනේ නෑ....මන් පලවෙනි පාරට දකින කින්ග්ගේ වුල්ෆ්...මම නමක්වත් දන්නේ නෑ මේ වුල්ෆ්ගේ...ඌව දැකලා මට වැස්ස නිසා ඇතිවුන සීතල කොහෙන් ගියාද නැතිවුනා....ඒ විතරක් නෙවේ...මගේ තොල කටත් වේලුනා....කින්ග් එයාගේ වුල්ෆ් ෆෝම් එකෙන් මා ඉස්සරහට ආවා කියන්නේ එයා මාව ෆලෝ කරලා..... මන් ඩ්‍රෝනා හම්බුනා කියලා දැනගන්නත් ඇති...ඒ නැතත් එයා මාව හොයාගෙන ඇවිල්ලා වෙන්න ඕන...

අනේ මේ තරම් ආදරයක්! අනේ ඒ ආදරේට ඇස් වහක් වදින්නෙපා..මට මතක් වුනා කොමඩි මීම් එකක් මේ අස්සේ....

ජාන් උබ නම් අද කනවා කෑමක් සුපිරි හෝටල් වලට උන්ගේ මෙනූ ගැන ලැජ්ජා වෙලා යන්න...තව පැයක් වගේ ඇත්තේ මට සීමාවෙන් පැනලා යන්න...කින්ග් මගේ මඟ හරස් නොකලා නම් මට යන්න වෙලා ඇති...මට බෑ එරික් නිසා මාර්ක් වෙන්න....ඌ එරික් නෙමේ කැරික්...

කින්ග්ට බෑ කියන මන් කොහේවත් යන වැම්පයර් වුල්ෆ් කෙනෙක්ට කැමති වෙයිද...මන් හිටි තැනම ගල් වෙලා හිටියේ කරන්නේ මොකක්ද කියලා කල්පනා කරමින්...මන් යටි හිතින් ෆීනික්ස්ට අඬ ගැහුවා...ඒ එක්කම මට දැනුනා මගේ අත් දෙකේ තුවාල වලින්...එකක් එරික් මට කරපු තුවාලේ...අනික මන් ලේ වල පාට ටෙස්ට් කරන්න කරපු තුවාලේ...ඒ දෙකෙන්ම උණු තැඹිලි පාට ලේ වේගෙන් උඩට උනන බව මට දැනුනා...

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now