🔥තිස්නවවන සඳ🔥

2K 410 288
                                    

මගේ ඇස් පියවුනේ කොයි වෙලේද මට ඇහැරුනේ කොයි වෙලේද කියන්නවත් මන් දන්නේ නෑ....කර්ටන්ස් අස්සෙන් මූණට වැටුනු තද ඉර එළිය නිසා මට ඇහැරුනා....

ඇහැරුණ ගමන් මන් දැක්කේ බිත්ති ඔරලෝසුව...වෙලාව තුනයි...හවස තුන වෙන්න ඇති....මන් පැය කීයක් නිදාගෙනද මන්දා...මන් හරිබරි ගැහිලා වාඩිවෙන්න හදනකොට මට කෑ ගැස්සුනා කියන්නේ එලොව පොල් පෙනුනා...ඒ තරම් ලොකු වේදනාවක් මට දැනුනේ....

මම මගේ ඇඟ දිහා බැලුවාමයි දැක්කේ මන් සුදු පාට බැගී ෂර්ට් එකක් ඇඳන් ඉන්න වග...ඒකේ සුවඳින් සයිස් එකෙන් කියන්න පුළුවන් ඒක කින්ග්ට අයිති එකක් කියලා....ඇඳුමකට කියලා මගේ ඇඟේ තිබ්බ එච්චරමයි....එයා මට ඇන්දුවා වෙන්න ඇති...මන් ඇඳෙන් බැහැලා ගිහින් ඇඳුමක් ඇන්දා කියලා මතකයක් මට තිබ්බේ නෑ....

මන් ලොකු බෙඩ් ශීට් එකක් පොරවන් හිටියා....මට ඊයේ රෑ වෙච්ච දේවල් ඔක්කොම මතක තිබ්බා චිත්‍රපටියක් වගේ....අපි අතර වුන දේවල් ගැන මට පසුතැවීමක් නෑ....මන් ඇඳේ බෙඩ් ශීට් එක දිහා බැලුවා...සුදු රතට හැරුන හැටි මට මතකයි...ඒත් මට දකින්න තිබ්බේ සුදු පාට ඇතිරිලි විතරයි....එයා බෙඩ් ශීට් එක මාරු කලාවත්ද?....

මන් ඇඳේ එහා පැත්ත බැලුවා....එයා නෑ....කාමරේ වටේ ඇස් යැව්වත් එයා පේන්න හිටියේ නෑ...එයා ඉන්න බවට සුවඳක් දැනුනේ නැති නිසා එයා කාමරේ නැති වග මට දැනුනා.....මට දුක හිතුනා..ඊයේ මා එක්ක ඉඳලා එයාට සතුටක් දැනුනේ නැද්ද දන්නේ නෑ....එහෙමත් නැත්තම් එයාට කලකිරුනාද දන්නෙත් නෑ එයා ආදරේ කරන කෙනා නැතුව මා එක්ක එකට ඉන්න වුන එකට....කඩඉම් උපන්දිනයදා එයාගේ ආදරය නැතුවනේ එයාට ඉන්න වුනේ.....හිතනකොටත් හිත කීරී ගැහෙනවා දුකට....

පොරවන ශීට් එක පැත්තකට කරලා සුසුමක් හෙලලා ඇඳෙන් බහින්න මම සීතල පොලොවට කකුල් තියෙනකොට මට දැනුනේ මගේ ඉණෙන් පහල ඉරිලා ගිහින් කියලමයි...බිම බලනකොට තමා මගේ ඇස් උඩ ගියේ....ඊයේ ලුසිෆර් කාමරේ කුඩුපට්ටම් කලානේ...එයා පොලොවේ ගහපු බඩු සීසීකඩ විසිවෙලා තිබ්බේ කුඩේ කුඩු වෙලා...මගේ ලේ වලින් පෙඟුනු බෙඩ් ශීට් එක කාමරේ අයිනක පොදියක් වෙලා තියෙනවා දැක්කාම මගේ ඇඟේ හිරිගඩු පවා පිපුනා....මාව එච්චරටම බ්ලීඩ් වුනාද?...අද මම යහතින් ඉන්නවා පුදුමයි....හිස කැරකිල්ලක් වගේ යාන්තමින්  තියෙනවාත් මට දැනුනා....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now