🔥පනස්පස්වන සඳ🔥

2.1K 390 353
                                    

විනාඩි ගානක් විරාමයක් නැතුවම අපේ දෙතොල් එකට පැටලුනා....මට හුස්ම ගන්නවට වඩා වැදගත් වුනේ ලුසිෆර්ගේ දෙතොල් පහස අඩුවක් නැතුව විඳගන්න එක......මාස ගානකින්නේ....මට පිස්සු වගේ වේලිලා ඉඳලා ඉඳලා එයාගෙ පහස ලැබුන නිසා...කාන්තාරෙකට වතුර බිංදුවක් වැටුනා වගේ...උපමා මතක් වෙන්නෙත් නෑ තිබ්බ තදියමට....

හුස්ම නොගෙන බැරි තැන අපි දෙතොල් වලින් ඈත් වුනේ හරිම අකමැත්තෙන්...මගේ මූණ කළු වෙන්න ඇති ඒ ටිකටත්......මට එයාට තුරුල් වෙලා දවස් ගානක් හරි ඉන්න ලැබෙනවානම් මම හරිම කැමතියි....මම ඇල්ෆාගේ ආදරයට ලෝබයි...කොච්චර දරදඬු ඇල්ෆා ගති මගේ ඇඟ ඇතුලේ තිබුනත් මම කැමති ඔමේගා කෙනෙක්ටත් වඩා හුරතල්ව ලුසිෆර් එක්ක ඉන්න...ලුසිෆරේගේ වයිපරේනේ මන්...

"උබ හිතනවා හිතනවා හිතනවා!! ඉවරයක් නෑනේ බන් මැණික ඔය හිතිල්ලට....ඒ වෙලාවට බලන්න එපැයි උබේ මූණ වෙනස්වෙන හැටි....මොනවා ගැනද බන් ඔය හැටි හිතන්නේ?...විභාගයකට උබ තාම හිතින් පාඩම්වත් කරනවද?...මෙච්චර හැන්ඩි හස්බන්ඩ් කෙනෙක් ලඟ ඉඳලත් උබ මනෝපාර ගහනවා කියන්නේ උබට ට්‍රැක් මැණිකේ....උබව රිප්ලේස් කරලා සිහියෙන් ඉන්න වෙන හොට් ඇන්ඩ් සෙක්සි ක්වීන් කෙනෙක් ගේන්න වෙයි වගේ...."

නක්කලේට හිනාවෙන ගමන් ලුසිෆර් මගේ නහය හපලා කියපු කතාවට මම දුන්නා හොඳ පාරක් එයාගේ උරහිසකට...ඊලඟට මම යෝධ කොලුවාව ෆුල් ඩම් එක දාලා මගේ ඇඟෙන් අහකට තල්ලු කලා...වෙන ක්වීන්ලා ගේන්න මේ රජාගේ කතාව...පෙනේද...පැනගෙන ඉල්ලන් ආපුවා මම දුන්නේ නෑනේ උඩ දාගෙන ගිහින්...දැන් එනවා මම හිතන ඒවට කින්ඩිය දාගෙන...ඒවා කොහෙද මාත් එක්ක.....

"ස්ස්....මැණික...උබ ඔය කරපු වැඩේ වෙන එකෙක් කලා නම් මන් ඌව අඩි ගානක් පොලොව යටට යවලා...උබ නිසා මන් ඉවසනවා...උබ නපුරු වෙලා බන්....පප් නිසාද?...පොඩි එකා පිටින් උබේ වැරදි යවන්න ලෑස්ති වෙන්නෙපා...එහෙම වුනොත් උබ කොහොමත් ගුටි කනවා මැණිකේ....."

දෑස් හීන් කරන් හිනාවක් නැතුව එයා කියනකොට නම් එයා ඇතුලේ ඉන්න නියම නපුරු ලුසිෆර්ව මොහොතකට එලියට ආවා...මගේ දඟකාරකම් ඉවසුවත් ඒවා සීමාව ඉක්මවා යනකොට නම් එයාට තරහා යනවා කියලා මන් නොදන්නවා නෙවේ....කින්ග් වුනාට එයා වුනත් ඉගෙන ගන්න ඕන මට තියෙන පවර්ස් වලටත් ගරු කරන්න....නැද්ද මන් කියන්නේ?....නපුරු වෙලා තමා මන්...එයා තමයි ඒකට වග කියන්න ඕන....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now