🔥තිස්අටවන සඳ🔥

2.1K 424 269
                                    

දුක හිතුනත් මොකුත්ම නොහිතුනත් ඕතරීට බනින්න හිතුනත් ඕතරීව බදාගෙන කිස් එකක් දෙන්න හිතුනත් ඒ ඕන එකක් ගැන කියලා කමෙන්ට් එකක් ලියාගෙන යන්න අමතක කරන්නෙපා❤🙏

මම එයාගේ දෙවෙනියා..පන්තියේ දෙවෙනියෙක්වත් වෙන්න අකමැති වුන මම අද එයාගේ දෙවෙනි මේට්...ඉස්සෙල්ලා ලුසිෆර් කණ රත් වෙන්න මට ගහපු කම්මුල් පාර එයා කියන්නම් කියපු ආදර කතාවට වඩා සනීප වෙයි....එයාගේ ඔමේගා මේට් ගැන සඳහන් වෙනකොටත් ඉවසගන්න බැරි මම කොහොමද ඉවසන්නේ එයයි ඒ කෙල්ලයි යාළු වුන හැටි...ලව් කරපු හැටි....මගේ පපුව පැලෙයි ඒක අහද්දීම....ඇයි දෙයියනේ මට පරක්කු වෙලා තේරුම් ගියේ මන් යිබෝට....ලුසිෆර්ට ආදරෙයි කියලා....

අනේ මගේ කින්ග් ඔයාට මගේ හැඟීම් වල පොඩි වෙනසක් පවා දැනෙනවා නේද?...එහෙනම් අනුරාගයට එහා ගියපු මගේ දුක ඊරිසියාව ඔයාට නොදැනෙන්නේ ඇයි මගේ යිබෝ?...මගේ හිත රිදෙන්නේ ඇයි?...තාත්තාගෙන් ගුටි පිට ගුටි කෑවත් මෙච්චර හිත රිදුනේ නෑ...අද මට දුකයි....මාව ඕන ටෙස්ට් එහෙකට දාපන් මගේ ලුසිෆර් ඒත් මෙහෙම පරීක්ෂාවක් මට එපා.....

"උබ ඇයි ජානූ කට පියන්?....ආහ් මන් උබට කට වහන් අහන් ඉන්න කිව්වා නේද?....උබ එච්චර කීකරු නම් උබ මට බොරු කරයිද?...ආහ්...උබ මේ කින්ග් මොකෙක් කියලාද හිතන් ඉන්නේ?...."

කේන්තියෙන් කාමරේ දෙක වෙන්න එයා කෑ ගහනකොට මන් දෙතොල් තද කරගෙන හැඬුමක්වත් එලියට යන්න නොදී හිටියේ අඬන බව එයාට අඟවන්නේ නැතුව....එයා මොනවා ගැන කියනවද මම දන්නේ නෑ...මම එයාට හංගපු කොච්චර දේවල් තියෙනවද...එයත් මට හංගලා තියෙනවා හුගාක් දේවල්....

එවේලෙම මහා අකුණක් පලාතම එලිය කරගෙන ගියේ ලුසිෆර් වගේම මගේ සියොලඟම සලිත කරලා....මන් අකුණු හඬකට ගැස්සෙන කොල්ලෙක් නොවුනත් මහා පිරිමිත් පොඩි හැඟීම් ලඟ අසරණ වෙන අවස්ථා එනවා....අකුණ මාව සලිත කලේ ලුසිෆර් ඊටත් කලින් ලොකු හෙණයක් මට දීපු නිසා....

ලුසිෆර් පිස්සුවෙන් වගේ කාමරේ බඩු පොලොවේ ගහනවා...එයාට මොකක්ද වෙලා තියෙන්නේ?...ඇයි මගේ යිබෝ ඔයා මෙහෙම හැසිරෙන්නේ?...මොකාද දෙයියනේ තරුණ වයසට අඩිය තියනකොටම ඔයාට මෙහෙම වෙන්න සාප කරපු එකා?....

Alpha Academy (Yizhan)✅Kde žijí příběhy. Začni objevovat