🔥විසිතුන්වන සඳ🔥

2.2K 433 518
                                    

"රාජේෂ්...උබ මොකද මෙතන?.."

මම කලබලයක් නොපෙන්වා එතනට ඇවිත් හිටපු අමුත්තට කතා කලා...ඔව් ඒ ඇවිත් හිටියේ වෙන කවුරුත් නෙවේ ඇකඩමියට ආපු මුල තිබුනු තරඟෙකින් මගෙන් පහර කාපු රාජේෂ්...එයාට මම හොඳටම ගැහුවනේ ලේ එන්නම...

එදා මම රාජේෂ්ට නෙලුවනේ නෙලිල්ලක් අර විකාර සීන් එකක් මැවිලා පෙනුන නිසා....මන් ඒ ගැන ඊට පස්සේ හිටියේ අප්සෙට් එකෙනුත් එක්කනේ...මම පස්සේ දවසක උගෙන් සමාව ගත්තත් ඌ නෙවේ මට වැඩිය මූණ දුන්නේ....ඌ මාව මඟ ඇරියා...මුළු බැච් එකම මා එක්ක බොක්ක ෆිට් එකෙන් ඉන්නවා කියලා මම කියන්නේ නෑ...ඒත් ඌ ඒ මැච් එකෙන් පස්සේ මා එක්ක අවුලෙන් කියලා මට තේරුනා....ඌ වැරදිත් නෑ එක අතකට.....

"ඇයි අපිට ලැබ්ස් තහනම්ද?....මම මෙතන මොකද කියලා අහලා වැඩක් නෑනේ...බැච් එකේ ටොප් ස්ටුඩන්ට් මෙතන මොකද කියලා මමයි හරි නම් අහන්න ඕන..නිකම්ම නිකම් ස්ටුඩන්ට් කෙනෙක් නෙවේ ෆියුචර් ක්වීන් එක්කත්නේ...මෙතන මේ රෑ හොර වැඩක් කරනවා වගේ...අපිට ලෙක්චර්ස් ගොඩ දාගන්න වොරි වෙන්න වුනාට ඔයාට එහෙම නෑනේ..පාස් නොවුනත් මොකෝ ගානට කින්ග්ව ගොඩ දාගෙන ඉන්න නිසා..."

ඩෝන්ට් කෙයාර් ගතියකින් මා ලඟට ඇවිදන් එන ගමන් ඌ කීවේ කට කොනකින් හිනාවෙලා..මම හිතුවෙම ලැබ් එක හිස් කියලා...මේ වෙලාවට කොල්ලෝ හොස්ටල් එකේ පිස්සුවක් කෙලිනවා මිසක් ලැබ් අස්සේ රිංගන්නෙ නෑ...මන් වගේ නිකන් ඉන්න බැරි එකෙක් තමා එහෙ මෙහෙ අහුමුළු වල රිංගන්නේ....මට ඇම්මයි කුතුහලයයි හරීයට තියෙනවනේ...

අනික මූ නර්ඩ් ටයිප් එකෙක් කියලා මට හිතිලම නෑ...මූ මන් තරමටම උසයි...පාට අඩුයි...දැන් මූ මම කරපු දේ හරියටම දැනගෙනද ඉස්සෙල්ලා අරහෙම කතාවක් කීවේ...ඒකට මට තිගැස්මක් ඇති වුනත් මූනෙන් පෙන්වන්න නරකයි එහෙම කියලා...එතකොට ඌ ඒක ඇත්ත කියලම හිතනවා....එහෙමත් ඌට දිනුම දෙනවද මම?...

එහෙමත් ඌට දිනුම දෙනවද මම?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Alpha Academy (Yizhan)✅Where stories live. Discover now