🔥තිස්වන සඳ🔥

2K 424 348
                                    

ලයිබ්‍රරි හුටපටයෙන් පස්සේ එතන ඉඳලා වැඩක් නැති නිසා මාත් අරුන් දෙන්නා එක්ක ඇත්තම පුස්තකාලයට ගියා...ඒක මන් කලින් ගියපු එකට වඩා සෑහෙන්නම වෙනස්...අහසට පොලොව වගේ...කිසිම ගුප්ත බවක් නෑ...

මම විතරක් නෙවේ අරුන් දෙන්නත් ෆුල් හොල්මන් වෙලා හිටියේ මගේ කතාව අහලා...මට පිස්සු වගේ...එක්කෝ මට පිස්සු නැත්තම් මගේ වටේ මට නොතේරෙන හොල්මන් සීන් එකක් යාන්තමින් හරි වෙනවා...

පුස්තකාලය ඇතුලට ගිය ගමන්ම මම මුලින්ම බලන්න ගියේ අර ඉතිහාස පොත...වැඩේ කියන්නේ එහෙම පොතක් තිබ්බේ නෑ...තිබුන ඔක්කොම පොත් වෙනස්...මම ඇල්ෆා හවුස් එකේ යිබෝගේ ඔෆිස් එකට ගිය මුල්ම දවසේ...එදානේ එයාගෙන් පලමු හාදුව මට ලැබුනෙත්...අර මට බැනලා මාව එලවගත්තේ.....එදා මම කලබලෙන් දුවන් එනකොට බිම වැටිලා තිබ්බේ මන් විතරක් ගියපු පුස්තකාලෙ තිබ්බ ඉතිහාස පොතේ කොපියක්නේ....මට ඒක සීයට පන්දාහක් ශුවර්....මාරම වැඩක්නේ මේක.....ඒ පොත ඇත්තක් නම් ඒ ලයිබ්‍රරි එක බොරුවක් වෙන්නේ කොහොමද.....

අරුන් දෙන්නා එසයින්මන්ට් එකට ඕන පොත් හොයනකොට මම හිටියේ කිසි දෙයකට හිත එකඟ කරගන්න බැරුව..මට දැන් දැන් තේරෙනවා මන් විශේෂ කෙනෙක් විය යුතු වග..එකක් දෙකක් නෙවේනේ හිතාගන්න අමාරු ගොඩාක් අද්භූත දේවල් මගේ වටේ වෙන්නේ මාව නිරුත්තර කරලා.....එහෙම වෙන්න අනිවාර්යයෙන්ම හේතුවක් ඇති...

එදායින් පස්සේ ගෙවුන දවස් කීපයේ මම කින්ග්ව දැක්කෙම නැති තරම්...වීකෙන්ඩ් එකේ අපේ වෙඩින් එක තියෙනවා කිව්වට කිසි සූදානමක් මන් දැක්කේ නෑ.....ලුසිෆර්ගේ බොරුවක්ද කොහෙද.....

මමත් පාඩම් වැඩවලට හිත යොමු කරලා හිටියේ ප්‍රශ්න වලින් ඈත්වෙලා...එක දිගට ඕවා හිතුවා කියලා වැඩක් වෙන්නෙත් නෑනේ....එතකොට කිසි අලුත් අදහසක් ඔලු කට්ටට එන්නෙත් නෑ....ෆීනික්ස් කොල්ලත් සුපුරුදු කෝලම් වලට බැහැලා හිටියේ...දුක මූඩ් එකෙන් එයා අයින් වුන නිසා හොඳයි....

මෙහෙම හොඳ ස්ටුඩන්ට් කෙනෙක් වෙලා ඉන්න අතරතුරේ එහෙන් මෙහෙන් සීනියර් බැච් එකේ අයිය මල්ලිලා නොදැක්කමත් නෙවේ...දවසක් හවස මම ජිම් එකේ ඉන්නකොට එරිකුයි ජෙරමියි උන්ගේ සෙට් එකේ තව කොල්ලෝ ටිකකුයි ඇවිත් හිටියා...උන්ව දැක්කා කියලා වර්ක් අවුට් එක මග දාලා යන්න බැරි නිසා මාත් හිටියා...

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now