🔥 විසිපස්වන සඳ🔥

2K 413 260
                                    

මම මැක්ස්වත් පෙරලෙගෙන වගේ දුම ආවයි කියපු පැත්තට දිව්වේ කලබලෙන්..දම් පාට කියපු ගමන් හිතේ ගැස්මක් ආවේ නෑ කියන්නත් බෑ....බයක් හිතුනා..ඒත් බින් මම එලියට ගියා කියලා අනිවාර්යයෙන්ම කින්ග්ගේ කනේ තියන්න ඇති හිතුන නිසාත් එලියට බැස්සේ පාස් එකක් අරන් නිසාත් මම බය වෙන්නේ නිකරුනේ කියලා මට හිතුනා.....හරි විදියට මම දෙයක් කරන නිසා එයාලට බෑ මට දොස් කියන්න......

අර ගස් දෙබල අස්සෙන් මාත් බැලුවා....ඒත් ඌ කිව්වා වගේ දුමක් මොකුත් පේන්න තිබ්බේ නෑනේ...පෙන්ඩන්ට් එක දාඩියට ඇගේ ගෑවිලා දන්න ගත්තද කියලත් මට හිතුනා....මැක්ස්ට මොන්ගල්ද කියලා හිතලා මම ඌට හිතින් බැන්නා...මම පෙන්ඩන්ට් එක එලියට අරන් බැලුවත් ඒකේ කිසි වෙනසක් තිබ්බෙත් නැහැ.....ආපහු ඒක ෂර්ට් එක ඇතුලට දැම්මාමත් මොකුත් දැනුනේ නෑ...හරි පුදුමයිනේ....මහ අමුතු මාලයක්...ඕක බෙල්ලෙන් ගැලෙව්වොත් කින්ග් මගේ බෙල්ලත් ගලවයිනේ....

"පිස්සුද යකෝ මොන දුමක්වත් නෑ....දම් පාට තියා සුදු පාට මීදුමක්වත් නෑ....මොකෙක්ද ආවා වගේ නම් තමයි ඉස්සෙල්ලා...පරිස්සමෙන් යමු කෝකටත්..."

ආපහු ඩබල ලඟටම ගිහින් මම කීවේ කල්පනාවෙන් ඉස්සරහට යන එක කෝකටත් හොඳ නිසායී...

"මට පිස්සු නෑ ජාන්...හොඳට ඇස් පේන එල කොල්ලෙක් බන් මම...සිරාවටම බන්...මම දම් පාටට හුරු දුමක් දැක්කා ඈතින්...මීදුමකට සමානයි....මොකුත් ස්මෙල් එකක් ආවේ නෑ...මගේ මේට් පල්ලා මම ඇත්තමයි කියන්නේ බන්....."

රහසින් කොඳුරලා මැක්ස් දිව්රලා කීවේ මා එක්ක අමනාපෙන් වගේ....ඌට බොරුවක් ගොතලා කියන්න හේතුවකුත් නෑ...ඌට වගේම මටත් ඇස් පේනවා...ඉතින් මට පෙනුනේ නෑනේ....

"දැන් උබලා දෙන්නට දෙන්නා වාද කරගෙන වැඩක් නෑනේ...එක්කෝ අපි තුන්දෙනාම එතනට ගිහින් බලමු..."

ෂෙවෝන් යෝජනා කලේ දෙන්නට දෙන්න පරස්පර නිරීක්ෂණ අපි කියාගන්න නිසා....ඌට කනක් ඇහිලා ඉන්නත් නෑනේ....

"ආයේ ආපස්සට යන්න ගියොත් වෙලා නෑ ෂෙවා...එක්කෝ එතන මොකක් තිබ්බා වුනත් දැන් ඒක එතන නෑ....කවුරුහරි අපිව නොමග යවන්න කරපු දෙයක් වෙන්නත් පුළුවන්.."

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now