🔥දහසයවන සඳ🔥

2K 410 579
                                    

ආගන්තුක පිරිමි ලමයා මගේ මූණට එබෙනවාත් එක්කම ඇහුන ගෙරවිලි හඬට මට තේරුනා ඒක ඇල්ෆා කින්ග්ගේ කියලා.....එයා ගොරවන්නේ මේ කොල්ලා මට ලන්වුන නිසාද නැත්තම් සීනියර් කොල්ලන්ට එයාගේ බලය පෙන්නන්න හිතාගෙනද?...මන් එයාගේ ගෙරවිල්ල අහපු තුන් වෙනි පාර මේක නිසා මාව ගැස්සුනේ නෑ...මන් පිටිපස්සේ හිටපු අනික් කොල්ලෝ ටික නම් භයෙන් වෙව්ලනවා කියන එක උන් දිහා නොබලා වුනත් මට කියන්න පුළුවන්....

"හේයි මිස්ටර්...මගෙන් එහාට වෙලා ඉන්නවා..."

හරි සිහියට ආපු මන් මගේ ඇල්ෆා වොයිස් එකෙන් කියනකොටත් අර කොල්ලගේ මූණේ නම් වෙනසක් තිබ්බේ නෑ...යකූ මූ බලහල්ලකෝ....සීනියර් කෙනෙක් කියලා එහෙම මූණට එබෙන්න පුළුවන්ද?...මන් කවුද කියලා දන්නේ නෑ වගේ....

මෙයාට කතා කරපු කොල්ලා මුගේ නම එරික් කියලා කියනවයි කලින් මට ඇහුනේ...එරික් මගේ කොන්ඩේ රැඳිලා තිබ්බ මලක් අතට අරන් හිනාවෙලා මට පෙන්නුවා....හැබැයි ඌ මගේ කෙස් ගහකටවත් අත තිබ්බේ නෑ....ඌ තියුණු දෑස් වලින් මා දිහා බලා හිටියා..එයාගේ ඇසුත් ලා කොළ පාටයි...නාශ්ගේ ඇස් මට මතක් වුනා එතකොටම...ඒත් නාශ්ගේ ඇස්වල තිබ්බේ මෙයාට වඩා තද කොළ පාටක්....ඒ කොල්ලා ලඟින් ඇල්ෆා සුවඳක් ආවත් තව වෙනසක් තිබුනා මට නොතේරුන....

"නපුරු ගති ඔයාට ගැලපෙනවා මදි...මන් මේක අරන් දාන්නයි හැදුවේ...ඔයාගේ ඇස් කඩාගෙන යන ලස්සනට ඒක කැලලක්..."

ඌ පුටුවෙන් නැඟිටලා හිටගෙන කීවේ ට්‍රවුසර් පොකට්ස් වලට අත් දෙක දාගෙන...ඌ මන් තරම්ම උස ඇති...වැඩිම වුනොත් මට වඩා අඟලක් විතර උසයි...එයාගේ බිල්ඩ් එක නම් මට වඩා වැඩී...උත්තුංග දේහදාරී පොරක්...කොච්චර ගති වුනත් කින්ග් තරම් ගතියක් නෑ...අරයගේ බැල්මේ...පෙනුමේ...ඇස්වල...ඇවිදින කතා කරන විදියේ පුදුම ගැම්මක්නේ තියෙන්නේ...බල්ලාගෙන් පටන් අරන් මැක්කගෙන් ඉවර වෙනවා වගේ මාත් කොයි වෙලේත් කින්ග් ගැන හිතලා තමා නතර වෙන්නේ....

එරික් ආව ගමන් ගාපු බටර් වල හැටියට මාව ලිස්සලා යන්න ඕන...බයක් හැකක් නැතුව ඌ මට කතා කරනවා කියන්නේ ෂෙවෝන් කියපු සෙකන්ඩ් ඉයර් වැඩ්ඩා මල්ලී මූද දන්නේ නෑ...මන් පුටුවට හේත්තු වෙලා ඌට සීතල බැල්මක් දුන්නේ ඌව පඩයක් තරම්වත් ගනන් නොගෙන....

Alpha Academy (Yizhan)✅Donde viven las historias. Descúbrelo ahora