🔥හත්වන සඳ🔥

2.2K 424 371
                                    

ඇඳට වෙලා ඔලුව අල්ලගෙන වේගෙන් හතිලමින් හිටපු මම මනස සන්සුන් කරගෙන හිසරදය අඩු වුන ගමන්ම ඇඳේ වාඩිවුනා...

මොකක්ද හත්තිලව්වේ ඒ වුනේ...මට ඇහුනේ නිල් පාට ඇස් තියෙන යක්ශයෙක් ගැන...කවුද ඒ?...මට මතකෙට ආවේ ඇල්ෆා කින්ග්ගේ ඇස් දෙක...නිල් පාට ඇස් ගැන කියවෙන ඕනම තැනක මට දැන් මතක් වෙන්නේ යිබෝවම විතරයි...මන් කීවේ ඇල්ෆා කින්ග්ව...එයාට යිබෝ කියලා විතරක් හිතින් හරි පුරුදු වුනොත් මාව මෙහෙන් පන්නලම දායි....

මන් වෙලාව බලනකොට නමයට පහයි...පරක්කු වුනොත් ඉතින් ඇකඩමියෙන් එලියේ තමා...මන් ඉතින් දඩ්බිඩි ගාලා ඇඳෙන් පැනලා දොරත් කලබලෙන් ලොක් කරගෙන පන්තිය තිබ්බ තැනට දුවන් යන්න ගියා...

ලෙක්චර් එකට විනාඩි දෙකකට කලින් මන් පන්තියට සැපත් වුනා...දිවීමේ කුසලතාවය ප්‍රගුණ කරලනේ අපි මෙහෙට ජොයින් වුනේ...එදා හැතැප්ම ගානක් දිව්වනේ පණ දාගෙන....ඒ නිසා වෙලාවට ක්ලාස් එකට යාගත්තා...

ඇල්ෆා මෙම්බර් කෙනෙක් තමා අපිට උගන්නන්න හිටියේ...ඒකේ තිබ්බේ ඇල්ෆලාගේ ඉතිහාසය...කම්මැලි සබ්ජෙක්ට් එකක්...ඒත් මන් ඉවසන් හිටියා...නොදන්න අලුත් දෙයක් දැනුමට එකතු කරගන්න තිබ්බේ නෑ ඒකේ.. මූණේ හිනා පොදක් නොතිබුන එයාගේ ලෙක් එක මහ නීරසයි....මැක්ස් මේ සබ්ජෙක්ට් එක නොකරන නිසා එයා හිටියේ වෙන ක්ලාස් එහෙක...පන්ති කාමරත් ලී වලින් හදලා තිබ්බේ...පෞරාණික ගතියක් තිබ්බේ පෙනුම...අර අවුරුදු සියගානක් පරණ මන්දිර වල වගේ...පොඩි ගුප්ත බවකුත් නොතිබුනාම නෙවේ....මන් ඒ ඉපැරැණි ගතියට කැමතී....

ඉතිහාසය ඉගෙන ගන්නකොට මට එක පාරටම මතක් වුනා කොළ පාට ඇස් තියෙන ඇල්ෆලා ගැන..එතකොටම මම නාශ් දිහා බැලුවා..එයාත් මේ ක්ලාස් එකේ හිටියා පිටිපස්සෙම පේලියේ...පුදුමේ කියන්නේ මන් බැලුවාම එයත් මන් දිහා බලා හිටියා...අපි තත්පර ගානක් හිනා නොවී එකිනෙකා දිහා බලා හිටියා...නාශ්ව මුල් දවසේ දැක්කද කියලා මට මතක නෑ...ඒත් අද උදේන් පස්සේ එයාව හුඟාක් හුරුපුරුදු ගතියක් දැනෙනවා...කාලයක් අඳුරගෙන හිටපු ගතියක්....මන් දන්න තරමින් මගේ මතකය මට අහිමි වෙලත් නෑ මට ජීවිතේ වුන හැමදෙයක්ම වාගේ හොඳට මතකයි මුල් අවුරුදු තුන හතරක පොඩි කාලේ ඇරෙන්න...නාශ්ව දැනන් හිටපු බවක් මට මතක නැහැ....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now