🔥අටවන සඳ🔥

2K 420 385
                                    

ඒ කටහඬ එක්කම සුලං හමන එක නැවතුනා...මොකක්ද මන් ඒ දැක්කේ?...ඇල්ෆා කින්ග් එක්ක මන් මොකක්ද කරන්න ගියේ?...මට ඇයි දරු ගැබක් තිබුනේ?...කවුරුහරි මා එක්ක කොලොප්පන් කරනවාවත්ද?...

මේ හීනවල අග මුල හොයානොගත්තොත් මන් ලොකූ අමාරුවක වැටෙනවා කියලා මට හොඳටම තේරෙනවා.....ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න ඉවරයක් නෑ...

ඇල්ෆා කින්ග් යිබෝ ගැන මට විශේෂත්වයක් හිතෙන බව ඇත්තක් වුනත ඒක ස්ටුඩන්ට් කෙනෙක් එයාගේ දක්ෂ ගුරුවරයෙක් ආදී ශිෂ්‍යයෙක් ගැන හිතන දෙයකට එහා දෙයක් වෙන්න බෑ...එයාගේ දක්ෂකම හැසිරීම තේජස මාව එයා දිහාවට ආකර්ශනය කරනවා...ඒක කෙල්ලෙක් කොල්ලෙක් අතර ඇතිවන විදිහේ ආකර්ශනයක් කියලා මන් හිතන්නේ නෑ...කවුරුහරි මගෙ මනසට ඇතුල්වෙලා මාව නොමඟ යවනවා...ඇකඩමි එකට පය ගහපු දා ඉදන් තමා මේ ඔක්කොම ජරමර....මෙහෙ භූමි දෝෂයක්ද කොහෙද....

සුලි සුලං සැඩ සුලං ඔක්කොම ඉවර වුනාම ගහ ලඟින් නැඟිටලා හිටගත්තු මන් කැලෑවේ තව ඇතුලට යන්න හිතුවත් නොගියේ දැනටම හොඳට අඳුර වැටිලා නිසාත් අපිට මේ කැලෑ සීමාවේ ඉතුරු කෙලවර තහනම් කලාපයක් නිසයි....තහනම් කලාපයට මන් ලාවට පය තියලා ඉවරයි...ඒත් තව දුවලා ගියොත් අහු වුනොත් මට ඇඩ්මිශන් නැති වෙනවා...මන් අද තරඟෙන් දිනලා තිබ්බත් එලියට විසි වෙනවා අනිවාර්යයෙන්ම....මුරණ්ඩුකම් කලා වගේ නෙවේ විඳවන්න ගියාම...

අර සතා කොහාටහරි පැනගන්න ඇති...ඌ මට හානියක් කරන්න ආපු එකෙක් නම් මෙතනදිම මාව කොටු කරගන්න ඕන...ඒත් ඌට එහෙම ඕන නැති පාටයි...එදා බැල්කනියට ඇවිල්ලත් මාව දැකලා පැනලා ගියානේ...එදා ආවෙත් ඌමද කවුද දන්නේ?...
ඌ මගේ බැල්කනියට මට හොරෙන් එන්නේ ඇයි කියන එක නම් මන් හොයාගන්නම ඕන....නැත්තම් පිස්සු හැදෙයි හිතලම...

හොයාගන්න ඕන අනික් කාරණාව තමා මන්වත් නොදන්න මට හම්බෙන මගේ ලමයා ගැන...මට පෙනුන විකාර හීනවලට අනුව කියවෙන්නේ මගේ ලමයෙක් ගැන...ශාපලත් දරුවෙක්...එයාව මරන්න කවුරුහරි ඉන්නවා...එයාගේ ලේ නිසා ප්‍රභල වෙන කවුරුහරිත් ඉන්නවා...එයාව රකින අයයි විනාස කරන අයයි දෙගොල්ලක් ගැන කියවුන පාටයි...

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now