🔥සඳක් නොවූ සඳ🔥

1.5K 311 121
                                    

තව පැයකින් හරියටම රෑ දොලහේ කණිසම වදිනවා....

ගොඩක් වෙලාවට හුගාක් දේවල් පටන් ගත්තෙත් අහවර වුනෙත් දොලහේ කණිසමෙන්.....

දොලහෙන් පස්සේ මගේ උපන්දිනය...

තව හෝරාවකින් මට අවුරුදු විසි නවයක් වෙනවා...

ඇල්ෆා ක්වීන් ෂියාඕ ජාන්ට වයස අවුරුදු විසි නවයයි...

හිතාගන්න පුලුවන්ද කාලේ ගෙවෙන වේගේ?...

නමුත් මම තාම ඉන්නේ අවුරුදු විසි හතරක් ලබපු දා....

කෙස් ගහක පරතරයකින් සතුට දුක බවට පෙරළුන දා...

මගේ ජීවිතේ එහෙම් පිටින්ම කණපිට ගහපු උපන්දිනේ දවස ඇතුලේ හිරම හිර වෙලා...

අද මට සතුටක් නෑ...කිසි සතුටක් නෑ...

මම අන්තිමට උපන්දිනයක් නිසා සතුටක් ලැබුවා නම් ලැබුවේ විසි හතරට පා තබන්න ඔන්න මෙන්න හිටපු දා....

එදා මගේ හුස්ම හිර නොවුනා පුදුමයි....හුස්ම හිර වුනත් මැරෙන්න වාසනාවක් ආවේ නෑ....

එදා මම මට හිතුන දේ කලා...ආයෙම සැරයක් අන්තිම පාරට මුරණ්ඩු ජාන් වුනා...

අන්තිම තුරුම්පුව මම ගැහුවා!

හරි ගියත් වැරදුනත් මට ගන්න වුනා ඒ පියවර...මොකද මට නැති වෙන්න දෙයක් නැති නිසා....

වෙන්න තිබ්බ හැමදේම...මම බයෙන් හිටපු ලොකුම දේ වුනා.....

මම විසඳුමක් හොයාගන්නට ගියා...විසඳුමක් හොයාගත්තා...

ඒත්.....

ඒ වෙනුවෙන්.....

කැපකිරීමක් කලා මම...

ඔයා වෙනුවෙන්...අපි වෙනුවෙන්...

ඔයාට හමු නොවුන විසඳුමක් මම හොයාගත්තා...ආත්මාර්තකාමී විසඳුමක්...

ඒකට මට සමාවක් ලැබෙන එකකුත් නෑ...

හ්ම්ම්ම්ම්ම්ම්...මට සමාවක් අවශ්‍යත් නැහැ...

අවසානයේ ඒකේ ප්‍රථිපලයකුත් නැහැ...
.
.
.
.
.
දැන් මට මහන්සියි...බලා ඉඳලම....
.
.
.
.
අවුරුදු පහක් තිස්සේ මම බලා ඉන්නවා...

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now