🔥පූර්විකාව🔥

3.8K 572 444
                                    

මගේ ඇඟම සලිත වෙන විදියේ ගැඹුරු ඇල්ෆා හඬකින් එයා මට ඔෆිස් කාමරේ ඇතුලට එන්න කියනවා ඇහුනාම මාව ගිනි ගන්න පටන් ගත්තා ඉහේ සිට පතුල් දක්වා මුළු සර්වාංගයම...කවදාවත් මට එහෙම වෙලා නෑ...ඇයි අද විතරක් එහෙම වෙන්නේ??...මම ඒ හැඟීමට බිංදුවක්වත් කැමති නෑ....දුර්වලයෝ තමා ඇල්ෆා හඬකට නතු වෙන්නේ....ඇල්ෆා කෙනෙක් ඇල්ෆා කෙනෙක්ට ඔලුව පාත් කරන එක සදාචාරයවත් ප්‍රතිපත්තියක්වත් නෙවේ...

"මම දැන් ආවේ මගේ ටයිම් ටේබල් එක ඉල්ලගන්න...තව මගේ හොස්ටල් රූම් එකේ යතුරත් මට ගන්න තියෙනවා..."

මම ඇතුලට ගිය ගමන් විශේෂත්වයක් නොපෙන්වාම කීවේ මට පිටුපාලා හිටපු මට වඩා අඟල් පහකින් හයකින් විතර උස්වුන හැඩි දැඩි පුරුෂයාට....මමත් අඩි හයක් උසයි...එයා උසම උසයි..යෝධ ඇල්ෆෙක්...

මට තවම හිතාගන්න බෑ ඇකඩමි එකේ ඔෆිස් ස්ටාෆ් එක අනික් හැමෝගෙම කාලසටහන් යතුරු ලබාදෙනකොට මට විතරක් ඇල්ෆා කින්ගෙන් ඒක ලබාගන්න වුනේ ඇයි කියලා.....මොකක්ද හේතුව???

ඕනම කෙනෙක්ව බය කරන්න නම්මගන්න පුළුවන් ගැඹුරු ඇල්ෆා හඬක් තමයි මට උපතින් උරුම වෙලා තියෙන්නෙත්....පුදුමයකට වගේ මගේ හඬ බිඳුනේ නෑ එයා ඉස්සරහ...ඒත් මගේ ස්වරයේ නොසන්සුන්කමක් ගැස්මක් තිබ්බා මටම දැනුනා...මම හිතුවෙම මට ගොත ගැහෙයි කියලා...සඳ දෙව්දුවට ස්තූති කරන්න ඕන එහෙම ඇබැද්දියක් මට නොවුනට...

මගේ හඬ ඇහෙනවාත් එක්කම එයා මගේ පැත්තට හැරුනා...එයාට කඩවසම් කියලා මදි...එයා වගේ පෙනුම තියෙන පිරිමියෙක් මම ජීවිතේට දැකලා නෑ...පුලුල් උරහිස්...පිහි තල වගේ තියුනු හකු දාර...වචනයේ පරිසමාප්තියෙන්ම ඇල්ෆා පෙනුමැති කෙනෙක් එයා...පොත්වල ඉන්න ජාතියේ ඇල්ෆා පිරිමියෙක්....එයාට තිබ්බේ නිල් පාට ඇස්...කළුපාට සූට් එකක් ඇදන් හිටපු එයා ගැන විස්තර කරන්න මට වචන මදි....මට බිම බැලුනා එක පාරටම...ඇයි මට එයා දිහා කෙලින් බලන්න බැරි??...මොන විකාරයක්ද මම මේ නටන්නේ???...මම හොරැහින් එයා දිහා බැලුවා....

එයා මොහොතකට නැවතිලා මගේ ගත පුරා එයාගේ උකුසු ඒ වගේම තියුණු සිහින් සීතල නීල දෑස් ගෙනිච්චේ මාව බය කරන්නද එහෙමත් නැත්තම් මගේ රූපය අගය කරන්නද කියන එක පැහැදිලි නෑ...මම දන්නවා මම ගොඩක් අය හීන දකින විදියේ කඩවසම් පෙනුමක් තියෙන කොල්ලෙක් කියලා...ඒත් එයාගේ පෙනුම ගාම්භීරත්වය ඉස්සරහා මට මදිකමක් අඩුවක් දැනුනා....එයාගේ බැල්ම ගෙනාවේ මට අපහසුතාවයක්...මින් පෙර මට නොදැනුන විදියේ හැඟීමක්...

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now