🔥දෙවන සඳ🔥

2.5K 455 226
                                    

කාර් එක ගමනාන්තයට ලඟා වුනාට පස්සේ මට බඩ කැලතෙන හැඟීමක් දැනෙන්න පටන් ගත්තා....මම හිතන්නේ ඒ මගේ හිතේ දැඩි නොසන්සුන්කම හින්දා නිසා වෙන්න ඕන....අනික මට යාළුවෙක් කියලා එකෙක්වත් හිටියේ නෑ...සමාජශීලී ගතිය මගේ අඩුයිද මන්දා කොයිතරම් හිතේ හයිය තිබ්බත්....ජනප්‍රිය කොල්ලෙක් වුනත් මම කාටවත් ලන් නොවුන එක මගේම හෙනයට තියෙන්න ඇති...ඒකනේ මගේ හද ගැහෙන්නේ එකසිය ගානට අද තනියම මේ ගමන ආපු නිසා....හීන දකිනවා වගේ නෙවේ හීනෙන් ඇහැරෙනකොට....හීන අත්පත් කරගන්නකොට...ඒක අමුතුම හැඟීමක්..මම හීනෙට අඩි රූලක් දුරින් ඉන්නේ....

පැය දහයකට වඩා දිගු ගමනකින් පස්සේ අපි ඇවිත් තිබුනේ මගේ අලුත් කැම්පස් එක ලඟට...ඒකේ නම ටෲ බ්ලූ කොලේජ්...එනකම්ම කම්මැලිකම යන්නත් එක්ක ඉයර්පොඩ්ස් දෙක ගහගෙන සින්දු අහමින් මම ආවේ ඩ්‍රයිවර් අත්‍යාවශ්‍ය දෙයකට ඇරෙන්න කතා නොකරන මෙලෝ රහක් නැති මිනිහෙක් වුන නිසා...මේ කොලේජ් එකට ටෲ බ්ලූ කියන්නේ සාමාන්‍යයෙන් ඇල්ෆා ලේ හදුන්වන්නේ බ්ලූ බ්ලඩ් කියලා නිසා..ඉස්සර කාලේ හිටපු අතිශය බලවත් ඇල්ෆලට නිල් පාට ලේ තිබ්බලු...අපිට නම් තියෙන්නෙ රතු ලේ..නිල්පාට ලේ තියෙන ඇල්ෆලාට අවුරුදු දහසක් විතර ජීවිත් වෙන්න හැකිවුන බව මම අහලා තියෙනවා...මගෙ පරණ ඉස්කෝලේ ලැබ් එහෙක අවුරුදු දහස් ගානකට කලින් ජීවත් වුන ඇල්ෆා කෙනෙක්ගේ නිල්පාට ලේ තිබ්බා බෝතලයක දාලා...දවසක් ඕක හොරකම් කරන්නත් මම හැදුවා...පස්සේ අදහස අත ඇරලා දැම්මා....මට මොකටද කාගෙවත් කුණු ලේ...

ඇල්ෆා ඇකඩමි එකේ ඉන්නවද දන්නේ නෑ නිල්පාට ලේ තියෙන එවුන්...ඇල්ෆා ඇකඩමි එක ගැන තියෙන කටකතා අනුව නම් ඒක හරිම අභිරහස් අද්භූත තැනක්ලු...මට නම් හිතෙන්නෙ ඒක පදනම් විරහිත කතාවක් කියලා...මොකද එතනට අපි වගේ එවුන් යයි කියලා ඊරිසියාකාරයෝ පතුරපු එකක් වෙන්නත් පුළුවන්...මම නම් බය වෙයි ඕවට...ඔය කතා හින්දමයි මට නම් ඕක අස්සට රිංගන්න මෙච්චර කැසිල්ල..

අලුත් කොලේජ් එක ලඟට ඇවිත් හිටියේ මම විතරක් නෙවේ....තව ලමයි එතනින් බහිනවා පෙනුනා මම ආවා හා සමාන කාර් වලින්....ලමයි කිව්වට උනුත් ඇල්ෆලා වෙන්න ඕන...අපි එක කුලකයේ....කාර් එකෙන් එලියට බැස්සාම මට පරිසරයේ උණුසුම හොඳටම දැනුනා ඇඟට.....අපේ ගෙවල් පැත්තට වඩා මෙහෙ රස්නෙයි වගේ...දේශගුණයට හුරුවෙන්න ටික දවසක් මට යයි මගෙ හිතේ....පාන්දර ගෙදරින් ආපු නිසා අපි එද්දී හවස් වෙලා තිබ්බේ...ඒත් රස්නේ තිබ්බා ටිකක්....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now