🔥හතලිස්හතරවන සඳ🔥

2.2K 393 331
                                    

ඊලඟ දවසේ උදේ පාන්දරම මාව ඇහැරුණා...කිසිම ඇඟේ පතේ අමාරුවක් නම් තිබුනේ නෑ....හරිනම් වෙලා තියෙන්න තිබ්බේ ඒකනේ.....

ඔරලෝසුවේ වෙලාව බලනකොට උදේ හයත් වෙලා....ඇඳ උඩ තනියම මම හිටියේ....මට දුකකට වඩා දැනුනේ අමුතුම ෆීලින්ග් එකක්...දුකත් නැති සතුටත් නැති අතරමැද එකක් වගේ හැඟීමක්...ඊයේ රෑ වුන තව සිද්දියක් මට මතක් වුනා...එතකොට නම් හිතට ආයෙම ආවේ ලොකු තිගැස්මක්...යිබෝ මම හිතනවාට වඩා සෑහෙන්න බලවත් බව මට සහතික වුනේ එවේලෙයි....

ඊයේ රෑ මාව උමතුවෙන් යිබෝ කිස් කලා විනාඩි කීපයක්ම මට හුස්ම ගන්නවත් ඉඩක් නොතියා...එයාගේ කිස් එක ගැන කියන්න වචන නෑ...උණුසුම රාගය සෙනෙහස හැමදේම කලවම් වෙලා තිබුණ හාදුව ඇඟේ හැම රෝම කූපයකටම එක ලෙස දැනුනා...උඩුකය නිරුවත්ව හිටපු මගේ පපුවේ එයාගේ ඇබ්ස් ගෑවෙනකොට මම සුරලොව ගියා...කිස් එක නොබිඳම එයා මාව ඉණට වඩාගත්තාම සිපගැනීමේ සිහියෙන් හිටපු මම තවත් ඒක රලු කලේ එයාට මගෙන් ගැලවෙන්න ඉඩ නොදී..අත් දෙක එයාගේ බෙල්ල වටේ යවන ගමන් කකුල් එයාගේ ඉණ වටේ බැඳගත්තා....හැඩි දැඩි කොල්ලෙක් වුන මාව එයා වඩාගත්තේ පුළුන් රොදක් තරම් සැහැල්ලුවෙන්....

එයා කාමරේ දොර ඇරගෙන ගෙස්ට් රූම් එකට ඇවිත් මාව ඇඳ උඩින් තියනකම් මම හිටියේ වෙනම ලෝකෙක...හරියට හුස්ම ගන්නවත් එයාගෙන් අයින් වෙන්න හිතුනේ නෑ...එයාගේ තොල්වල රසය ඒ පහස මට නම් එපා වෙන්නෙ නෑ කවදාවත්ම..මම ජීවිතේ පලවෙනි පාරට කිස් කලේ එයාව...ඉතින් මගේ අවසාන හාදුව වෙන්නෙත් එයා..එයාට ඇබ්බැහි වුනාම වෙන මිනිහෙක් ගැන වෙන කෙනෙක්ගේ හාදුවක් ගැන හීනෙන් වුනත් අත්දකින්න අවශ්‍ය නැහැ.....

මගේ දෙතොල් වලින් එයා ඈත් වෙන්න හදනකොට මම කලේ එයාට තව තවත් තුරුල් වෙන්න හදපු එකයි..එයාගේ ගෙල වටේ තිබ්බ මගේ අත්දෙක එකපාරටම එයා තදින් මිටි කරලා එක අතකට අල්ලගත්තේ මට හෙලවෙන්නවත් බැරිවෙන්නයි....

"මම දෙයක් කරන්න කියලා ඔයාට කියන්නේ ඒක ඔයා කරන්නම ඕන නිසා...එපා කියලා කියන්නේ අනවශ්‍ය නිසා...මන් ඉවසීමෙන් ඉන්නවා කියන්නේ ඔයාට ඕන ඕන දේවල් කරන්න ඉඩ දීලා ඔහේ බලා ඉන්නවා කියන එක නෙවේ...මාව අවුස්සගන්න එපා ක්වීන්...මම හොඳ වෙන එකක් නෑ එතකොට...මම ඒ ස්වරූපේ ඔයාට පෙන්වන්න අකමැතී....ශාපය තවම ඉවර නෑ...තව පැය බාගෙකින් මගේ රට් එකේ අන්තිම දවස පටන් ගන්නවා...ඒක තමා ගෙවන්න අමාරුම...ඔයා ඒකට මැදිහත් වෙන්නෙපා...මම හොඳින් කිව්වා මේ රූම් එකේ ඉන්න කියලා...මට පැය බාගෙකට පස්සේ හොඳ සිහියක් නැතිවෙයි...ඒ නිසා කරුණාකරලා ඔයා වෙනුවෙන් බැරිනම් මන් වෙනුවෙන්වත් මේ කාමරෙන් හෙට එලි වෙනකම් එන්න එපා...බින් හරි ෂූයෑන්ග් හරි හෙට උදේ ආවාම එයාලා එක්ක ඇකඩමියට යන්න..."

Alpha Academy (Yizhan)✅Onde as histórias ganham vida. Descobre agora