🔥අසූඑක්වන සඳ🔥

3.5K 462 884
                                    

වසර පහලොවකට පසු.....

කාලය ගෙවෙන වේගය ගැන කියන්න මට වචන නෑ...ඇසිල්ලක වේගෙන් කාලය ගෙවුනා....ඒ කාලය වචන කරන්න මට තේරෙන්නේ නෑ නෙවේ...නොතේරුනාටත් වඩා වචන හොයාගන්න අමාරු වුනා....සතුටින් ආදරෙන් සැහැල්ලුවෙන් මගෙයි කින්ග්ගෙයි කාලය ගත වුනා....

අපි දෙන්නා ආදරෙන් කල් ගත කලා...වෙලාවකට අපි පොඩි දෙන්නෙක් වගේ ගොන් කතා කියෙව්වා...රණ්ඩු වුනා...තව වෙලාවක සරාගී මොහොතවල් ගත කලා....

ලුසිෆර් දැනට අවුරුදු පහලොවකට කලින් අපි ගාවට දෙවෙනි වතාවට ආවට පස්සේ මම සෑහෙන වෙනස් වුනා...වෙනස් වුනා කියන්නේ එයා එක්ක ගත කරන හැම මොහොතක්ම මට උපරිමේට විඳින්න අවශ්‍ය වුනා...

කෙනෙක් ලඟ නැති වුනාමයි ඒ කෙනාගේ අවශ්‍යතාව හොඳටම අපිට දැනෙන්නේ....මටත් කින්ග් මගේ ජීවිතේට කොච්චර බලපෑම් කලාද කියලා තේරුනේ එයා ලඟ නොහිටි කාලෙදි තමා....

ලුසිෆර් මායි පුතායි ගාවින් හෙල්ලුනේ නැති තරම් වගේ....එයාගේ ආදරේ මට මහ මෙරක්...පුතාට එයා පණ ඇරලා...පුතාව පොතපතේ දේවල් වලට විතරක් නෙවේ ලෝකේ වෙන ගොඩක් දේවල් ගැන ලුසිෆර් දැනුවත් කලා...සටන් පුහුණු කලා...කොටින්ම මමත් එයාලා එක්ක පුහුණු වුනා...මට ඕන වුනා ෆීනික්ස්ව ශක්තිමත් කරන්න...ඇල්ෆා කෙනෙක් හැටියට පරිපූර්ණ වෙන්න....

ෆීනික්ස් කලින්ට වඩා ශක්තිමත් වුනා...එයා සීයට සීයක් යිබෝට ලුසිෆර් සම්බන්ධයි වගේ මා එක්ක අදටත් සම්බන්ධ නෑ...යිබෝ ලුසිෆර් එක්කෙනෙක් වෙලා වැඩ කලත් ජාන් ෆීනික්ස් එක්කෙනෙක් වෙලා නෑ දැන් මට වයස අවුරුදු හතලිස් පහකට කිට්ටු වෙන්න ඇවිල්ලත්...

වෙයාර්වුල්ෆ් කෙනෙක්ට වයස කියන්නේ ඉලක්කමක් විතරයි බල නොබිඳෙන තාක් කල්....වෙයාර්වුල්ෆ් කෙනෙක්ට බලය නැති වුනොත් මගේ නරුම තාත්තා වගේ වැහැරිලා නිකම්ම නිකම් මිනිහෙක් වගේ මැරෙන්න වෙනවා....

ෆීනික්ස් ජැස්පර් ලුසිෆර් විදියට අපි තුන් දෙනා වීකෙන්ඩ්ස්වලදී ශිෆ්ට් වෙලා තරඟෙට දුවනවා රතු කැලේ ඇතුලේ...මම තමා ඉතින් තරඟෙන් අන්තිමයා ෆීනික්ස්ගේ දුර්වලතාවයන් නිසා....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now