🔥හැත්තෑඑක්වන සඳ🔥

1.8K 341 583
                                    

මමයි මැක්සුයි ෂෙවායි පුදුම වෙලා බින් දිහා බලා ඉන්නකොට ඒ යකා ඇහි බැමක් උඩ දාලා අපි දිහා හිනාවෙලා බැලුවේ මූණේ තිබ්බ ලේ ටික ස්පෙල් එහෙකින් මකාගන්න ගමන්....

ෂූයෑන්ග් බින් වුනා...බින් එරික් වුනා...ලෝක පටලැවිල්ලක් මේක....

මන් දැක්කා ෂෙවා ඇගිල්ලකින් බින්ගේ අතකට ඇනලත් බලනවා...මේ වෙන දේවල් කාටද දෙයියනේ පිස්සු හදා නොගෙන විශ්වාස කරන්න පුළුවන්?....

මේ අතර ලුසිෆර් කපා බිම හෙලපු තමන්ගේ අත දිහා ටිකක් වෙලා බලා හිටපු නාශ්ගේ අත ඉබේම සම්පූර්ණ වෙනකොට ඌ පිස්සුවෙන් වගේ හිනාවුනා....මගේ මූණ මැලවුනා...මූ දක්ෂයෙක් වගේ...

මොකක්ද මේ වෙන්නේ?...බය වෙලා බලා ඉන්නවා ඇරෙන්න මට වෙන මොකවත් කරන්න හිතාගන්න බැරිවුනා...නාශ්ව අපි හිතන තරම් ලේසියෙන් පරදන්න බැරිවෙයි වගේ....

ඌ කරපු දේවල් මට තවම විශ්වාස කරන්න අමාරුයි...කොලේජ් එකට ගිය පලවෙනි දවසේ මගේ පස්සෙන් ෆලෝ කරපු ඇස්...මට බොරු කියපු වැම්පයර් ලයිකනයා...ඩ්‍රෝනා...ඩොක්ටර් ලුවී....කින්ග්ගේ කුඩම්මා...මගේ තාත්තා...

මේ හැමෝම ගැට පිට ගැට ගහලා...මොකටද?..වාසියට...බල තණ්හාවට...බලයට කෑදර එවුන් ලංසු තිබ්බේ මගේ ජීවිතේට..ඒකත් මට නොතේරෙන පොඩි කාලේ ඉඳලා...

මගේ වුල්ෆ්ව දුර්වලයෙක් කලේ...මාව හිතුවක්කාරයෙක් කලේ...මන් පොඩි කාලේ දුක් වින්දේ...මේට් එක්ක සතුටින් ඉන්න හම්බුන කාලය අඩුවුනේ...දරුවාට අනතුරු එල්ල වුනේ..යාළුවෝ අමාරුවේ වැටුනේ...ලෝකයක් ඉස්සරහ උජාරුවෙන් නම ලියවුනු ඇකඩමියම අද නටබුන් ගොඩක් බවට පත්වුනේ මන් නිසයි...ඇල්ෆා ක්වීන් ජාන් නිසාමයි....වෙන කිසි කෙනෙක් පලි නැහැ....

මගේ ලේ රස ඉව කරන් අමරණීය බව හොයන් ආපු නාශ් නිසා අද මගේ කින්ග් සටනේ...ඒකත් එයා වෙනුවෙන් නෙවේ මමයි දරුවයි වෙනුවෙන්...මම හොඳ අම්මෙක් වෙන්න ඉස්සර එයා හොඳම හොඳ තාත්තෙක් වෙලා ඉවරයි...මගේ තාත්තාට වඩා දහස් ගුණයක් ඉදිරියෙන් ඉන්නවා මගේ දරුවාගේ තාත්තා....බලය නැතුව හරි ජීවත් වෙන්න තරම් එයා නිහතමානී...එයාට ඒක පුළුවන්.....ටෲ බ්ලඩ් කෙනෙක්ට අතාරින්න පුළුවන් වුන බලය නිකම්ම නිකම් ඇල්ෆෙක්ට අතාරින්න බැරි හැටි.....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now