🔥තිස්හතරවන සඳ🔥

1.8K 409 251
                                    

"ලූනා!! ලූනා!!...ඔබට මෙහි බරපතලකම තේරෙනවා නේද?...."

ඩොක්ටර් ලුවීගේ හඬින් මම පියවි ලෝකෙට ආවා...මම හිටියේ මගේ මූණ දනිස් අස්සේ ඔබාගෙන හීන ලෝකෙක අතරමන් වෙලා...ඩොක්ටර් ලුවී දුන්න මගේ ලෝකේ උඩු යටිකුරු කරන නිව්ස් එකත් එක්ක මට මැවිලා පෙනුනා ලුසිෆර් ඒක දැනගත්තා නම් මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා...ඔව් ලුසිෆර් දරුණු වෙලා මට දුක් දෙන එක මගේ හිතේ මැවුන හිතලුවක්....

මම දැකපු දේ කොහෙත්ම හොඳ දෙයක් නෙවේ....ලුසිෆර් මාව නොමරා මරයි...මගේ පොඩි වරදක්වත් දරාගන්න බැරි ලුසිෆර් මේ වගේ දෙයකදි කොහොම හැසිරෙයිද කියන එක මට හිතාගන්න අමාරු වුනේ නම් නෑ.....

දාඩිය දාගෙන රතු වුන ඇස් වලින් මම දොස්තර දිහා බැලුවේ අන්ත අසරණව....කවද්ද ජාන් මේ වගේ අසරණ වුනේ?...

"ඔබගේ ඉල්ලීම ගැන මම සලකා බලන්නම්...සම්ප්‍රදාය අනුව බැලුවොත් නම් රැජිණක් විදියට ඔබට කොහෙත්ම අභිශේක ලබන්න බැහැ මේ තත්වය උඩ...හරි නම් මම මව් රැජිණට නිවැරදි වෛද්‍ය ප්‍රතිපල දන්වන්න ඕන...ඇය තමයි රජුට දන්වන්නේ....නමුත් මෙතන අසාමාන්‍ය යමක් සිද්ද වෙලා තියෙන හැඩයි...තව පරීක්ෂණ කිහිපයක් කරලා බලන්න අවශ්‍යයි මට...සඳ දෙව්දුවට වරදින්න විදිහක් නෑ කොහෙත්ම....පොඩි කාලයක් අපිට අවශ්‍ය වෙයි..මේක රහසක් ලෙස අපිට තියාගන්න වෙනවා.. දැඩි අවදානමක් මම ගන්නේ..රාජ නීතියට සම්පූර්ණයෙන් පටහැනි දෙයක්....ඔබට පරිස්සමෙන් වැඩ කරන්න වෙනවා..රජ පවුලට බොරුවක් කරන එක මරණය ඉල්ලලා ගන්නවා වගේ වැඩක්...නමුත් මට විශ්වාසයි මේකට ප්‍රතිකර්මයක් මට හොයාගන්න හැකිවෙන වග රජුගේ උපන්දිනයට පෙරම...ඔබේ සහය මට අවශ්‍යයි රැජිණියනි...ඔබ සූදානම්ද?...."

ඩොක්ටර් ලුවී කල්පනා කරලා අනුකම්පා සහගතව මට දීපු යෝජනාව මට දැනුනේ මැරෙන්න යන එකෙක්ට එල්ලෙන්න ලැබුනු තුත්තිරි ගහක් වගේ....මට කාලයක් ලැබෙනවා ඒකෙන්...දැනට බොරුවක් කලත් මට මාසයක් ඇතුලත ඩොක්ටර් ලුවී නිසා බෙහෙත් අරගෙන දරුවෙක් ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙයි...ඒ මොනා වුනත් ඩ්‍රෝනාගේ බෙහෙත ගැන එයාගෙන් හංගන එක මට කරන්නම වෙනවා...ඒ ගැන කියන්න වුනොත් තව හුගාක් දේවල් එලි කරන්න වෙයි....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now