🔥හතලිස්එක්වන සඳ🔥

2K 407 395
                                    

කතා කරගත්තු විදියට අපි ලයිබ්‍රරි එකට ඊලඟ දවසේ එකතු වුනේ ක්ලබ් ගමන ප්ලෑන් කරගන්න.....ෂූයෑන්ග් මාව මඟ ඇරියට මන් ගැන උනන්දුවෙන් බලා ඉන්න වගක් දැනුනා කලින් දවසේ මැක්ස් ෂෙවෝන් හම්බෙලා ආවට පස්සේ...කාටහරි කේලම් සපයන වැඩේවත් එයා බාරගත්තද දන්නේ නෑ....

මන් ඇකඩමි සීමාවටවත් පය නොතිබ්බ නිසා බින් වුනත් ලොකුවට මගේ පස්සෙන් වැටුනේ නෑ....එයත් වෙලාවකට පොලිස් බල්ලෙක් වගේ....එයා පස්සෙන් නොහිටපු එක ලොකු දෙයක්...මන් මේ ටිකේම මගේ මාලේ වෙනසක් තියෙනවද කියලත් බැලුවා...කිසි වෙනසක් තිබ්බේ නෑ....

කින්ග් පවර්ෆුල් වෙනකොට වෙන්න පුළුවන් තරම් පොලොව දෙදරන වෙනසක් නොවුන එක ගැන මට පුදුමයි....හනිමූන් එකේ වෙන්න පුළුවන් බ්ලාස්ට් එක ගැන කොහොමත් දැනන් මම හිටියත් කින්ග් තවම එලියට බැහැලා නැති නිසාද මන්දා එයාගේ පවර් එකේ ඇත්ත මුහුණුවර එලි බැහැලා නෑ කියලමයි මට හිතෙන්නේ....මෙතන තියෙන නිහඬ සන්සුන් බව අසාමාන්‍යයි....

කින්ග් ඇකඩමි එනකොට එයාව උත්සවයක් තියලා පිලිගන්න ප්ලෑන් කරලා තියෙන බවක් ෂෙවෝන් එදා අපි ග්‍රවුන්ඩ් එකෙන් සමුගන්න කලින් මට කිව්වා..එදාට මන් ගානේ යිබෝට කේක් එකක් හදලා දෙන්න මන් හිතා ගත්තා...එයාගේ හිත දිනාගන්න එක අත්‍යාවශ්‍යයි...ලේසියෙන් පරාද වෙන කොල්ලෙක් නෙවේ මේ ජාන්...මන් මොකටද මැරුණු කෙල්ලෙක්ට වුනත් පරාද වෙන්නේ....කවුරු කොහොම කිව්වත් යිබෝ මගේ....

ලයිබ්‍රරි එකට මායි මැක්සුයි ෂෙවෝනුයි එකතු වුනාට පස්සේ අනික් කොල්ලෝ පස් දෙනත් ආවා....ක්වීන් වෙලා ඔටුනු පැලැන්දට පස්සේ මටම වෙන්වුනු සීල් එකක් බින් මට දුන්නා...ඒ නිසා මැක්ස් ලෑස්ති කරපු අවසර ඉල්ලීම් පත්‍රයේ මන් ඒ සීල් එක ගැහුවා...ඒක රිවර්ස් කරන්න බින්ටවත් බෑ කින්ග්ට හැර...තනතුරු බලය ඕන වෙන වෙලාවලුත් තියෙනවා මට....කල දුටු කල වල ඉහ ගැනීමත් දස්කමක්...හුම්....

පොඩි තිගැස්මක් ඇති නොවුනාම නෙවේ ක්ලබින් ගැන...ඒත් අපි හොර වැඩක් නෙවේනේ කරන්නේ...යන්න මොහොතක් තියලා මන් බින්ට හරි ෂූයෑන්ග්ට හරි කියලා යනවා....එතකොට එයාලට නවත්තන්නත් බෑ.....කියලා නොගියා වෙන්නෙත් නෑ....ජාන් ජාන් දවසකටත් උබ තමා වැඩ්ඩා...

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now