🔥විසිඑක්වන සඳ🔥

2.1K 448 648
                                    

මහ වැස්සේ ගිගුරුම් හඬ මැද මන් හිටපු තැනම වාඩිවෙලා බලා හිටියේ යිබෝගේ ලුසිෆර් වියරුව දිහා....ලුසිෆර් කියන්නේ  යක්ශයාට කියන අන්වර්ථ නාමයක්...මන් ඉස්සරහ මේ මොහොතේ ඉන්න යිබෝට ඒ නම සීයට දාහක් ගැලපෙනවා....එදා නාශ් ආපු දවසේ මෙයාගේ සෙන්ට් එක වෙනස් වෙලා තිබ්බෙ ඒකයි එහෙනම්....ලුසිෆර් අවදි වුනේ එදා වෙන්න පුළුවන්....

සීසර් දැකලා ඇති වෙලා තිබ්බ බය වගේ දහ ගුණයක බයක් මෙයාව දැකලා මට ඇතිවුනා...මම ජෙස් මාව බිම දාපු තැනින් නැගිටලා ඉඳගත්තා විතරයි...ගොරව ගොරව වහිනවා හොඳටම...දියවෙලා යන්න පුලුවන් තරම් වැස්සක් ඒක...

අපි මැච් එක පටන් ගන්නකොට හොඳට අව්ව තිබ්බ දීප්තිමත් දවසක් වුන අද හදිසියේ ඇති වුන මේ කාලගුන විපර්යාසය හිතාගන්න බැරි තරමේ එකක්...මෙච්චර ඉක්මනට ලුසිෆර්ව දකින්න වෙයි කියලා නම් මම හීනෙකින්වත් හිතුවේ නෑ.....එයා අර දෙන්නටම වඩා වෙනස්...භයානකයි....

ලුසිෆර් ආවේ මම එයාව කේන්ති ගස්සපු නිසාද...එදා යිබෝගේ කතාවෙන් මට ඔප්පු වුනේ එකම දෙයයි...එයා දන්නවා මම නාශ්ව දැක්කා කියලා...එයා දැනන් හිටියා මන් නාශ් මගේ මේට්දෝ කියලා එක මොහොතකට ප්‍රශ්න කරපු බවත්....එයා දන්නවා....එයාට මගේ මනස කියවන්න පුළුවන් වෙන්න විදියක් නම් නෑ කොහෙත්ම....මොකද අපි තවමත් මේට්ලා ලෙස සම්පූර්ණයෙන් කනෙක්ට් වෙලා නැති නිසා.....

වැස්ස ලුසිෆර් කියන කාරනා කියන දෙකම නිසා ප්ලේයර්ස්ලා එකා දෙන්නා ග්‍රවුන්ඩ් එකෙන් පිටවෙලා පැවිලියන් එක පැත්තට යනවා මම දැක්කා...මැක්ස් ගල් වෙලා වගේ බලා ඉන්නවා වේදනාවෙන් පිටිය මැද ඇඹරෙන ජෙස් දිහා...මේ අතර මම එරික් දිහා බැලුවා...මිනිහත් ශොක් වෙලා බලා ඉඳලා පැවිලියන් එක පැත්තට යන්න ගත්තේ ලුසිෆර් දිහා නොබලා...

අපි කාටවත් ලුසිෆර් දිහා බලන්න හයියක් නෑ....බින් කිව්වා වගේ අද ඉන්න යිබෝව දැක්කාම කියන්න පුළුවන් එයා වෙනදට වඩා වෙනස් කියලා...එයා උස මහත වෙලාදත් මන්දා පහුගිය දවස් දෙකට...එයාව දැක්කාම කටේ කෙල හිඳෙන ගතියක් තමා එන්නේ....එයා තාමත් මහ වැස්සේ පිටිය මැද්දේ ගොරවනවා...එයා ශිෆ්ට් නොවුනත් හියුමන් ෆෝම් එකෙන් හිටියත් ඉන්නේ සතෙක් වගේ වියරුවකින්....

Alpha Academy (Yizhan)✅حيث تعيش القصص. اكتشف الآن