🔥හැටහතරවන සඳ🔥

1.7K 353 574
                                    

මූණට වැටුනු තද ආලෝකයක් නිසා මාව ඇහැරුණා...ඇහැරිලා බලනකොටයි මම දැක්කේ මන් ඉන්නේ හොස්ටල් එකේ මට මුලින්ම ලැබුන මාස්ටර් බෙඩෘම් එකේ කියලා...ජනේලේ ගාව තිබ්බ ඇඳ එහෙමම තිබ්බා...කිසි දෙයක් වෙනස් වෙලා නෑ...කලින් මේ ඇඳ උඩ හිටියේ මන් විතරක් වුනාට අද මාත් එක්ක පැටියත් ඉන්නවා...

මන් මෙතන ඉන්නවා කියන්නේ වුන කිසි දෙයක් හීනයක් නෙවේ කියන එකයි...ලුසිෆර් ඇත්තටම මාව ඈත් කරලා...මොන හිතකින්ද එයා ඒක කලේ?...මොන හේතු තිබ්බා වුනත් එයාට බෑ මට එහෙම කරන්න...මන් එපා කිව්වත් ඇඬුවත් එයා ඒක කලා.....

ෆක් යූ ලුසිෆර්!! ආආආ....මන් කොන්ඩෙන් ඇදගත්තා....මේවට මාත් වැරදිකාරයෙක්...

මට දුකයි...කේන්තියි....එහෙම කියලා කරන්න දෙයකුත් නෑ...මගේ හිත නිසා මන් දුක් වෙනවා...මගේ ඇස් නිසා මන් අඬනවා...

නැගිට්ට ගමන් මන් දොර ලඟට දුවන් ගියා...ඊට කලින් ජනේලෙන් දැක්කා වටපිට කළුවර වෙලා තියෙනවා...ඒ කියන්නේ දැන් රෑ වෙලා...මට අන්තිමට මතක රොජර් මා ගාවට එනකොට ලුසිෆර් ඈත්වෙලා ගියපු විදිහ...මට කලන්තේ දැම්මද එයාලම මාව නිර්වින්දනය කරලා මෙහාට ගෙනාවද කියන එක ශුවර් නෑ....වෙලා තියෙන්නේ මොනා වුනත් ලුසිෆර් මාව ඇල්ෆා හවුස් එකෙන් නෙරපලා ඉවරයි....

ඉහ වහා ගිය කේන්තියෙන් දොර ඇරියාම දැක්කේ අතිජාත මිත්‍ර මැක්ස්වයි ෂෙවෝන්වයි...උන් දෙන්නා දොර මුර කරනවා...උන්ට ගිය කලක්...මන් වගේ රන් කඳක් රකින්නත් උන් දෙන්නා පින් කරලා...ඕවා හිතුනට හිතේ කේන්තිය අඩුවුනේ නැහැ....

"මොකක්ද මෙතන වෙන්නේ කියනවද?...උබලා මොකද දොරටුපාල වැඩේ කරන්නේ?...මට කින්ග්ව මීට් වෙන්න ඕන මේ දැන්ම..."

මගේ කෑ ගැහිල්ලට උන් දෙන්නා උඩ ගියා...උන් කීයටවත් මන් මෙහෙම හැසිරෙයි කියලා නොහිතන්න ඇති....

"ආහ් ලූනා ඔයා ඇහැරුනාද?...කින්ග් රොජර්ට උපදෙස් දීලා තිබ්බෙ ඔයාට විවේක ගන්න ඉඩ දෙන්න කියලා.."

ෂෙවෝන් පට්ට පත බේගලක් අත ඇරියා ඩෝන් ගාලා...මාව හෙල්ලිලා යයි කියලා ඌ හිතන්න ඇති...මාව තම්බන්න බෑ....ඔව් මන් අල ගෙඩියක්වත් බිත්තරයක්වත් නෙවේනේ  තැම්බෙන්න....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now