🔥හැත්තෑතුන්වන සඳ🔥

1.8K 338 513
                                    

ඒ අලකලංචි දවසින් සතියක් දෙකක් විතර යනකම් රන්දුල මටවත් ලුසිෆර්ටවත් මූණ දුන්නේ නැහැ හරියකට...මාත් මොකවත් අහන්න ගියේ නෑ...පව්නේ කොල්ලා....ඌ වෙච්ච අකරතැබ්බය මැක්ස්ටවත් ෂෙවෝන්ටවත් කියපු පාටක් තිබ්බේ නැහැ...නැත්තම් මෙලහකට මගේ කණ හොයාගන්නත් නෑ....

වස ලැජ්ජාව වුනේ...අපේ මිනිහටත් වෙන වැඩ නෑනේ තැන නොතැන බලන්නේ නෑ කිරි හොයනවා...කිසි ආබාධයක් අවුලක් නැතුව ආදරයෙන් කාලය ගෙවෙද්දී හිතට ලොකු සැනසීමක් තිබ්බත් මොකක්දෝ අමුතු හැඟීමකුත් හිත යට නොතිබ්බාම නෙවේ...හොඳට හැමදෙයක් වෙද්දිත් බයයිනේ....මම කොහොමත් ඕවර්තින්කින් පොරක් නිසා මට එහෙම හිතෙනවා වෙන්නත් පුළුවන්...

එරික් ඩ්‍රෝනා වගේම තාත්තා නිදැල්ලේ ඉන්න එක හිත පොඩ්ඩක් අවුල් කලා....කොයි වෙලේ හරි එයාලා මතු වෙයි...ඒ නිසාම ලුසිෆර් ඇකඩමියේ ආරක්ෂාව තර කරලා කොයිවෙලේත් විමසිල්ලෙන් හිටියා....

ලුසිෆර් බින් ෂූයෑන්ග් එක්ක එකතුවෙලා එරික්ව හොයාගන්න වැඩේට බැහැලාම හිටපු නිසා ඇකඩමියේ අනික් වැඩ බැලුවේ මම...ක්වීන් හැටියට මම හරියාකාරව වැඩ පටන් ගත්තේ දැන් තමා....

රන්දුලත් සති කීපයකට පස්සේ ශේප් වුනා....ඌ දැකපුවා අහපුවා ගැන කට හොල්ලපු නැති එක හොඳට ගියා..නැත්තම් මගේ රෙදි ආයෙම ලෙප්ට් වෙනෝ....

මේ අතර ලුසිෆර් මාව දවස ගානේම ඩොක්ටර් ගාවට යැව්වා...එයා හුගාක් වොරි වෙලා බව මට දැනුනා...පලවෙනි පාරට අම්මෙක් තාත්තෙක් වෙන කවුරුත් එහෙම වෙන්න ඇති...පප් ලැබෙන්න කාලේ ලන් වෙන්න වෙන්න මගේ හිතත් චංචල වුනා....දැන් මගේ කුසට මාස හයක් පිරෙන්න ඔන්න මෙන්න...

අපි ගාව පවුලේ කිසි වැඩිහිටියෙක් නැති එක ගැන හිතේ දුකක් නොතිබුනාමත් නොවේ...ඒත් අපේ පවුල්වල වැඩිහිටියෝ වගේ අය ලඟ ඉන්නවට වඩා නොඉන්න එකම හොඳයි.....ටෲ බ්ලඩ් කෙනෙක් ලඟ ඉද්දී වෙන අය මොකටද?....

"ලූනා මේ ඉදිරි සති කීපය එහෙමත් නැත්තම් මාසය බොහොම තීරණාත්මකයි....ඒ කාලය ඇතුලත සමහරවිට දරුවා බිහිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි...ඔයා ක්‍රියාශීලිව ඉන්න එක හොඳ වුනත් ඕනවට වඩා වෙහෙසෙන්නෙපා...ඔයා ඇල්ෆා කෙනෙක්...අනික පිරිමි කෙනෙක්...එහෙම කෙනෙක්ට දරුවෙක් ලැබෙන එක විරල සිදුවීමක්...ඉතින් ඒ නිසා මමත් බොහොම කල්පනාවෙන් ඉන්නේ...පොත් පත් පවා මම කියවලා දැනුම එකතු කරගන්නවා...ඔමේගලාට වගේ ඔයාට මේක පහසු වෙන එකක්ම නෑ...ඊටත් වඩා ඔයා දරාගෙන ඉන්නේ අපේ ලෝකේ අනාගත උරුමක්කාරයා...ඒ නිසා මට තියෙන වගකීම හුගාක් වැඩියි...."

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now