🔥හැත්තෑපස්වන සඳ🔥

1.9K 346 450
                                    

මම ඇත්තටම ලුසිෆර් එක්ක තරහෙන් නෙවේ ඉන්නේ කියලා මම දන්නවා...මගේ හිතේ තනිකරම තියෙන්නේ වේදනාවක්...අහිමිවීමේ බයක්...ඒකයි මම එහෙම හැසිරුනේ....

කලබලෙන් බොත්තම් ටික එහෙන් මෙහෙන් දාගත්තු මම එයා පැත්තට හැරුනේ මවාගත්තු කේන්තියකින්.....

ඒ කටහඬ ඇහුනාම හිත ඉල්ලන රූපේ දැක්කාම මම කොහොමද ඉවසන්නේ?...එයාගෙයි මගෙයි මූණු වදින තරමට දුරින් අපි හිටියා....ඒ ඇස්වල ආදරය ඉතිරිලා..එයා මාව අල්ලන්නෙවත් නැතුව මා දිහා බලාගෙන හිටියේ ලස්සන හිනාවක් දීගෙන...හැමෝම කිව්වා හරි පුතාට තියෙන්නේ එයාගෙම හිනාව...

"බට් අයි ඩිඩ්න්ට් මිස් යූ..."

උස් හඬකින් මම එයාට බොරු ප්‍රතිචාරයක් දෙනකොට එයාගේ කඩවසම් මූණ එකපාරටම මැලවුනා...මගේ හිත කීතු වුනා...මන් අහක බලාගත්තා පපුවට අත් බැදන් තොල් තද කරගෙන මගේ පිට මේසේට හේත්තු කරගෙන....

"ජානූ...මේ අහ----"

මම එයාට මගේ අල්ලේ පාර එයාගේ කම්මුලක හිටින තරම් වැරෙන් කම්මුල්පාරක් ගැහුවා...එයා කම්මුල අල්ලගත්තා මිසක් ආපිට මට අත ඉස්සුවේ නෑ...

මට කේන්තියි....අපේ සිටුවේශන් එක ගැන කේන්තියි....එයා වැරදි නැතත් මට කේන්තිය පිටකරගන්න ඕන වුනා....

"හ්ම්ම්ම්...ඕකේ...මට තේරෙනවා...මට සමාවෙයන් ජානූ...හැමදේම අමතක කරලා උබ එක්ක කාලේ ගත කරන්න කියලා ආවාට උබ මා එක්ක තවම තරහින් වගේ..."

එයා කීවේ වෙනදට ගාම්භීරත්වයෙන් රැව්දෙන හඬ බාල කරලා...බලාපොරොත්තු කඩවීමකින්...මගේ හිත කෑලි කැඩුනා එයාගේ හැඟීම්බර හැසිරීමට...

"මෙච්චර හුරතල් වාසනාවන්ත පුතෙක් ලොකු දුකක් දරාගෙන උබ බිහි කලා...පිරිමි ඇල්ෆාවෙක් වුනත් උබ ඒ අභියෝගය අරගත්තා විතරක් නෙවේ ජයගත්තා ජානූ....මට උබ ලොකු සතුටක් දුන්නේ...දරුවා ලැබුන එකේ සතුට මට ලැබුනා වුනත් ඒ එක්කම උබ මගෙන් ඈත්වෙන දුකත් ලැබෙයිද ජානූ?...මැණිකේ උබට රිද්දන්න නෙවේ මම ඒ තීරණය ගත්තේ..උබ හිතන්නේ රිදෙන්නේ උබට විතරක් කියලද?...දුක හිතෙන්නේ උබට විතරක් කියලද?...මගේ පපුවත් පිච්චෙනවා උබවයි පොඩි එකාවයි දවසක දාලා යන්න වෙනවා කියලා මතක් වෙද්දී...රජෙක් වුනත් මාත් අසරණයි මැණිකේ ඒ කාරණාවෙදී....."

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now