🔥හතලිස්වන සඳ🔥

2K 407 270
                                    

"ඔ....ඔයාට කොහෙන්ද මේ ෆොටෝ එක?..."

මන් පුදුම වෙලා බින්ගෙන් අහනකොට එයා මට දුන්නේ එයා මහ වැඩ්ඩෙක් කියලා කියාපාන හිනාවක්....එයා මට පෙන්නුවේ මම පොඩි කාලේ තාත්තාත් එක්ක ඉන්න ෆොටෝ එකක්...මට මතකත් නැහැ මෙහෙම එකක් ගත්තා කියලත්...

ඔක්කොමත් හරි ඒ ෆොටෝ එකේ ලොකු වෙනසක් තිබ්බා...කවදා කොහෙදී ගත්තු ෆොටෝ එකක්ද කියලා මට මතකම නෑ....ෆොටෝ එකේ තිබ්බ වෙනස මන් පස්සේ කියන්නම්....මගේ මොලේ හෙල්ලිලා ගියා ඒක දැක්කට පස්සේ...බින්ලා මාත් එක්ක කරන සෙල්ලම් ලේසි පහසු නෑ...හිටි ගමන් දඩාර බෝම්බ අතාරිනවා....

"ලූනා...ඔයාට මතකද ඔයාලගෙ පලවෙනි තරඟෙන් පස්සේ අපි කිව්වා ඔයාලටත් වඩා දේවල් ඔයාලා ගැන අපි දන්නවා කියලා...බැක්ග්‍රවුන්ඩ් චෙක්....අපි ඔයා හිතනවටත් වඩා හුගාක් දේවල් දැනටමත් දන්නවා...ඇකඩමිය ගොඩක් පවර්ෆුල් තැනක්...ඔයා තාම දැකලා තියෙන්නේ ඒකෙන් බොහොම පොඩි කොටසක්...ඔයා ගැන හොයනකොට‍යි අපිට ඕක ලැබුනේ....ඔයා කින්ග්ගේ මේට් නිසා අපිට හුගාක් හොයන්න වුනා විස්තර ඔයාට නොදැනීම....කල් යනකොට මේ හැමදෙයකම අග මුල ඔයාට පැහැදිලි වෙයි ලූනා..."

"මේ ෆොටෝ එක මට මතක නෑ....අනික...අනේ මන්දා....මේ.."

හිත ඇතුලේ ප්‍රශ්න ගොඩක් ඇතිවුනා සුළි සුළඟක් වගේ...දවසක් හොඳට හිටියොත් දවස් දහයක් ප්‍රශ්න පත්තරයකට උත්තර හොයන්න වෙනවා....

"ඔයාට අමතක වුනාට ඔයාගේ තාත්තාට නම් හොඳට මතක ඇති....එයාගෙන් තමා ඉතින් අහන්න වෙන්නේ....ඔයාගේ හිතේ තියෙන එක ප්‍රශ්නයකට උත්තරයක් ඕකෙන් ලැබෙනවා....."

බින්ගේ ටෝන් එක මට ඇල්ලුවේ නෑ...තාත්තා කියන මනුස්සයා හිත් පිත් නැති කෙනෙක් කියලා මන් දැනන් හිටියා...ඒ වුනත් මේ පින්තූරේ එයා ආදරණීය තාත්තෙක් වගේ හිනාවෙලා මාව තුරුලු කරන් ඉන්නවා...මේ ෆොටෝ එක අමුතුයි...මේ ඉන්නේ....අනේ මන්දා....වැඩක් නෑ දැන් ඒ ගැන හිතලා....හිතලත් බෑ නොහිතත් බෑ.....

"කොයි ප්‍රශ්නයට උත්තරේද මේකෙන් හම්බෙන්නේ?..."

මන් බැරෑරුම්ව එයාගෙන් ඇහුවාත් බින් දුන්නේ කෙලින් උත්තරයක් නෙවේ....සුපුරුදු පරිදි වටේ ගියා....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now