🔥එකොලොස්වන සඳ🔥

2.1K 417 373
                                    

මයි ක්වීන් කියන එක මට ඇහුනේ ඇහෙන නෑහෙන ගානට....මගේ පියවුනු ඇස් ඒ වේගෙන්ම ඇරුනේ එයාගේ වචන වලට...මාව ගිනි අරන් දිය වුනා ඒ වචන වලට.....

ඒකේ තේරුම අර වැම්පයර් කියපු විදියට මන් එයාගේ රැජිණද...කින්ග් මගේ මේට්ද...නෑ...නෑ...වෙන්න බෑ...මගේ ඔලුව පිස්සු නටනවද කොහෙද....මගෙ දෑස්වල තිබ්බ විශ්මය එයාට පෙනෙන්න ඇති...

එයා දිහා කෙලින් බලන්න හිතට ශක්තියක් නොවෙද්දී මන් ලී බිත්තිය හූරමින් මාව සන්සුන් කරගන්න හැදුවා...මට එකක් සීයට දාහක් ශුවර්...මේ කින්ග් එක්ක මට මොකක් හරි සම්බන්ධයක් තියෙනවා...මන් දන්නේ නෑ ඒ මොකක්ද කියලා...

මේට් බොන්ඩ් එකක් හිතෙන් බලෙන් හිතලා ඇති වෙන එකක් නෙවේ..එයා ඉස්සරහ සබ්මිසිව් වෙන්න ඉබේම හිතෙන එක ඇරෙන්න මට වෙන කිසි දෙයක් හිතෙන්නෙ නෑ..මන් හිතට බල කලා කින්ග් ගැන අනවශ්‍ය දේවල් නොහිතා ඉන්න....එයා මට ක්වීන් කීවේ ඇයි කියලා අහන්නත් බැරි තරම් මාව ගල් වෙලා....ඕක අහන්න ගිහින් මෙයා ආයේ යකා වුනොත් හෙම....

එයා මගේ කණ ලඟින් අයින් වෙලා මගේ මූණ එයා පැත්තට හරවන් මා දිහා බලා හිටියා..එයා දිහා බලන්න මට හයියක් තිබ්බේ නෑ...මම ඇස් බිමට යොමන් වේගෙන් හුස්ම ගත්තේ එයාගේ ඩොමිනන්ට් ගතිය මගේ මුළු සිරුරම පිටතින් විතරක් නෙවේ ඇතුලාන්තයෙන් පවා පාලනය කරන බව දැනුනාමයි.....

"ගොළු වුනාද මහ ලොකු වීරයා?...ම්ම්?..."

එයාගේ පහත් ගැඹුරු හඬ මගේ වතට ලන්වෙලා අහනකොට මට එයාට උත්තර දෙන්න වචන එලියට ආවේ නෑ....ඉස්සෙල්ලා නම් එයාට එකට එක කියාගෙන යන්න හිතුනත් එයා කරපු තර්ජනයට මන් බය වෙලා ඉන්නේ....

"බලනවා මන් දිහා...එක පාරකට වඩා කියන්නේ නෑ....."

එයාගේ කමාන්ඩ් එකට මන් නතු වෙලා වගේ...එයා විධානය දීපු ගමන් මන් ඔලුව උස්සලා බැලුවා....හැඟීම් විරහිතව ඉන්න මම මා එක්කම ලොකු සටනක් කලා...බය කියන හැඟීම මාව දුර්වලයෙක් කරලා....

මන් නිරුත්තරව එයා කියපු දේ කරපු නිසා කින්ග් මගේ ඇඟින් අයින් වෙලා ඇඳුම් අල්මාරිය ලඟට ගියා..මොකක්ද යකෝ ඒ වුනේ වගේ බලමින් හිටපු මන් පපුවට අතක් තියාගෙන හිරකරගෙන හිටපු ලොකු හුස්මක් පිට දැම්මා...මට හිතුනෙම එයාගේ කකුල් ලඟම පණ යයි කියලමයි...

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now