🔥දහහතරවන සඳ🔥

2K 437 356
                                    

මගේ අත එයා අත අරිනකොටත් මගේ ඇස් තිබ්බේ නම් නාශ්ගේ නිසල සිරුර ලඟ....යිබෝගේ කඩුවේ සිල්වර් තියෙන්න ඇති...ඒකෙන් තමා වෙයාර්වුල්ෆ් කෙනෙක්ව මරන්න පුළුවන්...නාශ් මගේ අකමැත්තෙන් ඇඟට අත තිබ්බත් එහෙම කලේ ඇයි කියලා අහන්නවත් මට අවස්ථාවක් ලැබුනේ නෑ....ප්‍රශ්න ගොඩක් ඉතිරි කරලා එයා ගියේ...මන් කෑ ගැහුවත් ඇහෙන් කඳුලක් වැටුනේ නෑ....

කින්ග් එයාට ඇයි එහෙම කලේ?...මන් නාශ්ගේ මලකඳ දිහා බලා ඉන්නකොට අනුකම්පා හිතුනා මට එයා ගැන...එයා මගේ පන්තියේ ලමයෙක්...එකම එක පාරක් හරි කතා කරපු කෙනෙක් තමන් ඉස්සරහ අමු අමුවේ මැරිලා යනකොට ඕන හයිය හිතක් හෙල්ලෙන්න පුළුවනි....ඇඬුවේ නැතත් මගේ හිතත් හෙල්ලුනා...

"උබ තාමත් ඌ දිහාද බලා ඉන්නේ?...උබේ මේට් මම නේද?....ඌට කරපු දේ උබටත් කරන්න මට බැරි නිසාද උබ උඩ පනින්නේ?...කියන දේ අහලා පාඩුවේ ඉගෙනගෙන ඉන්න බැරි තරම් උබේ ඇම්ම මොකක්ද ෂියාඕ ජාන්?..."

පොලොවේ අඩි වද්දගෙන මා ඉස්සරහ කෑ ගහපු යිබෝව දැකලා මාව පස්සට විසි වුනා...මන් එයාගෙන් සමාව ගන්න තීරණය කලා....

"මට සමා----"

මට කියන්න හම්බුනේ නෑ....මෙයා ආපහු ගුගුරන්න ගත්තා.....

"උබ වැරදි කරනවා...මන් සමාව දෙනවා...උබ හිතන්නේ මගේ අතින් මැරුම් කෑවේ උබේ පන්තියේ එකා කියලද???...නෑ...මෙතන ඉන්නේ උගේ වෙස් ගත්තු ලයිකන් කෙනෙක්...උබ තාම මේ ලෝකේ ගැන හරියට දන්නේ නෑ...මගේ මේට් වුනත් මන් උබව මාර්ක් නොකරපු නිසා මේ සීමාවෙන් එහාට උබ වටා තියෙන මගේ බලයට අභියෝග කරන්න එවුන් එමට ඉන්නවා...උබට මන් අකමැති වුනත් උබව රකින්න වගකීමක් මට තියෙනවා...උබ වගේ නාහෙට නාහන මේට් කෙනෙක් මට ලැබුන එක තමයි මගේ ජීවිතේ වුන නරකම දේ..."

මොනවා?...මේ නාශ් නෙවේද?....ලයිකන් කෙනෙක්.???...මන් රැවටිලා......යිබෝ මන් ගැන තැකීමක් නොකර කතාකරනකොට නම් මට කියාගන්න බැරි දුකක් ඇතිවුනා...ඇත්ත...අපි ලන්වුනේ මේට් බොන්ඩ් එකක් නිසා තමා....එච්චරයි අපේ තියෙන සම්බන්ධෙට එකම හේතුව....ඒත් මට දුක ඇයි?.....ආයෙත් මෙහෙම වැරැද්දක් නොවෙන බවට සහතික කරන්න මන් කට ඉස්සර කරගත්තා....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now