🔥හතලිස්නවවන සඳ🔥

2.1K 393 498
                                    

ඉර එළිය තදින් මූණට වැටෙනවා දැනෙනකොට මාව ඇහැරුනා...මොකක්ද ඒ වුනේ?...ඔලුව පැලෙන්න වගේ කැක්කුමයි....මම නලල දෙපැත්ත මිරිකගෙන වාඩිවුනේ ඉන්නේ කොහෙද කියලවත් නොදැන...මම ඇස් ඇරියෙත් හෙමීට....ඉර එළිය මූණටම වැටිලා නිසා එකපාරටම ඇස් ඇරගන්නත් අමාරු වුනා.....

වැලි අත් දෙක පුරහම ගෑවිලා බව පෙනුන ගමන්ම මන් වටපිටාවට ඇස් යැව්වා...කොහෙද මම මේ ඉන්නේ?..පාරාදීසයක් වගේ ලස්සනම ලස්සන මන් මීට කලින් කවමදාවත් දැකපු නැති තැනක්...

බීච් එකක්....ලා නිල්පාට මුහුදු වතුර නිල් අහස එක්ක එකතු වෙලා චිත්‍රයක් තරම් අලංකාරයි...දරාගන්න බැරි තරම් රස්නයක් තිබ්බෙත් නෑ....හුලඟ සනීපයි.... රූස්ස ගස් හුලගට වැනෙනවා පෙනුනා...තැනින් තැන පිපිලා තිබ්බ පාට පාට මල් චිත්‍රය තවත් ලස්සන කලා....

මම හිටපු හරියෙත් ගස් වගයක් තිබ්බා....මුහුදු ලිහිනියෙක් එකෙක් දෙන්නෙක් ඈත පියඹන් යනවා පෙනුනා...ඈතින් කඳු පන්තියක් පේන්නත් තිබ්බා....පාලුවට ගියපු නිස්කලංක තැනක් වගේ...ෆොටෝ ගහන්න පික්නික් එකක් යන්න කියාපු තැනක්...මැක්ස් ෂෙවෝන් මෙතන දැක්කා නම් පිස්සු වැටෙයි....උන් දෙන්නා මුහුදු වලට ආසයි කියලා දවසක් මට කිව්වා.....මෙච්චර ලස්සන තැනකට ආවාමයි මම....

මම හිටියේ වැල්ල උඩ...කලිසමෙයි ටී ෂර්ට් එකෙයි වැලි ඇලිලා...කොන්ඩේ අල්ලලා බලනකොට ලාවට තෙත ගතියක් දැනුනා....කොන්ඩෙත් වැලි....මාව වතුරකට වැටිලා වගේ...ශේප් එකේ මන් අත පොඩ්ඩක් ඉඹලා බැලුවා...ඇති යාන්තම්....කුණු ගඳත් ගිහින්....

අර කඳු පංති දිහා ආයෙම මට බැලුනා...පොඩි හුරුපුරුදු ගතියකුත් දැනුනා... එතන තිබ්බ උසම කඳු ගැට්ට දැක්කාම මගේ කටත් ඇරුනා මතක් වුන දේත් එක්ක....මට දැන්නේ මීටර් වේගෙන එන්නේ සීන්කෝන් එක.....

එතකොටමයි මට මතක් වුනේ කලින් වුන දේවල්.....චිත්‍රපටියක රූපරාමු වගේ මට මැවිලා පෙනුනා එරික්ගෙන් බේරිලා භාසුර එක්ක ලුසිෆර් එක්ක ෆයිට් කරන තැන වෙනකම් සිද්දි ටික එකපෙලට.....

අඩි දහස් ගානක් ගැඹුරු ප්‍රපාතයට ලුසිෆර් මාව අරන් පැන්නේ කිසි හිතක් පපුවක් නැතුව...මට වෝනින් එකක් දුන්නෙත් නෑ එයා....මට සිහි නැති වෙන්න ඇති එයා පහලට පනින අතරතුරේදී...මම හුගාක් උස තැන්වලට බයයි..අනික මම හුගාක්ම බය වුනේ දරුවාට අනතුරක් වෙයි කියන එක ගැන....මගේ බේබි ලුසිෆර්...අනේ!

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now