1 කොටස

44.9K 2.7K 816
                                    

" සුරගනක් විලස..ඈ සැරසිලා.. එන තුරා හිදිමි මේ යාමේ.. සොදුරියේ නුබ කොහේ කොතනදෝ.. දකින තුරු ඉවසුම් නෑ-ටහික්කෙන්න කවුද යකෝ අපේ පේලියේ පුටු ටික අරන් ගිය පරයා.."

මේ පිටුව විතරයි පුතේ කියලා අපිට සම්පූර්ණ බහිශ්ශ්‍රාවී පද්දතියම උගන්නලා ලැබ් එකෙන් එලියට දැම්ම දොළහ එම් එකේ හතලිස් දෙනාම බයෝ මැඩම්ගෙ පරම්පරාවම මතක් කර කර පන්තියට ගාටද්දි මේ දවස්වල ට්‍රෙන්ඩිං සින්දුවක් සද්දෙට කිය කිය ආපු සෙනුකයා බෙරිහන් දුන්නේ මුලු පන්තියෙම අවදානෙ ඌට ගන්න ගමන්.. සෙනුකයා අපේ එකා.. අවදානෙමයි ඉල්ලන්නෙ..

" මොකද බං බෙරිහන් දෙන්නෙ.. අප්පද බොල කෝ මේ පෝලිමේ පුටු ටික.."

මමත් කට බලියගෙන පොත් ටික මේසේ උඩට දැම්මේ පෝමලින් ගද ගහන ලැබ් එක අස්සෙ පුප රත් කර කර හෙන චූ ලෝඩ් එකකුත් හිර කරගෙන එලියට බැහැලා ඇවිත් කන්න ගද්දි අපි හතරදෙනා හිටපු පෝලිමේ එක පුටුවක්වත් නෑ කියලා දැක්ක වෙලෙයි..

" මොනිටර............යෝහ්.. අපේ පුටු කොහෙද යකෝ.."

පංතියේ එකෙක්ගෙ හොටු ලේන්සුවේ ඉදන්ම වග කියන පංති මොනිටරයා තඩි නාමලේඛනෙත් උස්සන් කන්නඩි දෙක අස්සෙන් අපි උන්න අන්තිම පෝලිම දිහා බලද්දී මම පංතියෙන් එලියෙ දොරකොඩට ගිහින් හොට දාලා බැලුවේ කොරිඩෝවෙ වත් පුටු ටික තියේද බලන්න.. ඇති ලබ්බක් නෑ..

" උබලගෙ ලංකට් එකේ ඉදන් මගෙන් අහන්න එපා යකෝ.. පොඩ්ඩක් බලපන් පල්ලෙහා පොඩි උන් පොලක් දාලා.. ඒකට උස්සන් ගියාද දන්නෙ නෑ.."

අපේ පංතියේ මොනිටරයා එහෙම කියාගෙන ස්ටාෆ් රූම් එක පැත්තට යද්දි මමයි සෙනුකයායි මතීශයි හශානුයි පහලට ගියේ අපි හතරදෙනාගෙ පුටු ටික උස්සගෙන එන්න..

" ඔය පොඩි පක්කො ඉන්නව බං.. හිතාගෙන ඉන්නෙ උන් අලිපුපෙන් ඇවිත් කියලා.. හිටපන්කො අද තමයි ඕකුන් දැනගන්නෙ අපෙ හැටි.."

සෙනුකයා පාරේ ගලකට පයින් ගහගෙන ගියපු පාර ගල ගිහින් ඉස්සරලා තිබ්බ පොකුණට 'ජබොහ්' ගාලා වැටුනේ පොකුනේ දැහැමින් සෙමෙන් වාසය කරන ඉබ්බට පපුවෙ අමාරුව හදවලා.. ඌ බයට ගලෙනුත් ලිස්සලා වතුරේ.. මේකා සතෙක්ටවත් නිදහසේ ඉන්න දෙන එකෙක් නෙමේ.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now