7 කොටස

21.7K 2.2K 235
                                    

මම පහුවදා කොටුවට ඇවිල්ලා කතරගම බස් එකක නැගලා ගාලු පාරෙ ගමේ එන්න ආවා.. උදේ අම්මා නැගිටලා උයන ගමන් ඉදියේ.. මම කියන්නෙත් නැතුව නෝට් එකක් ලියලා මේසෙන් අලවලා නොකියම එන්න ආවා.. අම්මා දකින්නත් ඇති මම එනවා.. ඒවුනාට ඊයෙ වෙච්ච දේත් එක්කන් මට හෙනට අවුල්.. අම්මා එක්ක කතාකරන්න හිතුනේ නෑ.. සෙනුකයටත් උදේම මැසේජ් එකක් දැම්මා ගමේ යනවා එන්න වෙන්නෙ නෑ කියලා..

ලේසි නෑ කොටුවෙ ඉදන් එහෙට පැය හත හමාරක්.. මම ඉතින් සීටීබී බස් එකකට නැගලා මැද්දෙ හරියෙ මූද තියන පැත්තෙ ජනේලෙ අයිනක් බලලා ඉදගෙන පාඩුවෙ එන්න ආවා.. මොරටුව හරියෙදි විතර මැරෙන්න නින්දක් සෙට් වුනු නිසා මම ටක ටක ගාලා හෙල්ලෙන ජනේලෙ ඔලුව වද්දගන්නෙ නැතුව ශේප් එකේ සීට් එකට ඔලුව හේත්තු කරන් නිදාගෙන ඇහැරෙද්දි හිටියේ ගාල්ල හරියේ..

ගාල්ල පහුකරගෙන යද්දි මම හරි හිස් හැගීමකින් මහ මූද දිහා බලාගෙන උන්නා.. මේ හරිය ඉතින් කියන්න ඕන නෑනෙ මාරම ලස්සනයි.. මම මූදු රළ ගල්පර වල හැප්පෙන දිහා බලාගෙන කල්පනා කලේ මම ගැනමයි..

සිරාවටම මමම හිතුවා මම හෙන පව් කියලා.. ආච්චිඅම්මවත් නොහිටින්න මට මෙහෙමවත් හිත නිදහස් කරගන්න මොකෙක් වත් නෑනෙ කියන හැගීම සැරටම මගෙ හිතට බලපෑවා.. පොඩි කාලෙ ඉදන්ම තාත්තා නැති එකා , මොලේ නැති එකා අරවා මේවා කතා ඇහිලා ඇහිලාම මට ගානක් නොවුනට ඒවගෙන් මගෙ හිත නොරිද අරින්නෙ නෑ.. මම මාර ආසයි නවල් වල තියෙන තාත්තගෙ පුතාගෙ සම්බන්දයක් මොනවගේද කියලා අත්විදින්න.. හැමෝම කියන්නෙ ඒක හරියට 'යාලුකමක්' වගේ කියලා.. ඒවුනාට ඇත්තම කතාව මගේ අවාසනාවට මට එහෙම එකක් ලබන්න පිනක් තිබිලා නෑ.. ෆොටෝ එකකින් දැක්කා ඇරෙන්න මම අඩුමගානෙ අතදරුවා කාලෙවත් තාත්තා එක්ක ෆොටෝ එකක් ගහලා තිබුනේ නෑ.. ඔහොම ඔහොම හිතාගෙන යද්දී මට පැල් බැදගෙන අඩන්න හේතු කාරනා කෝටියක් විතර තිබුනා..

මූදු රළ ගල් පරවල හැපිලා ආපස්සට බිදිලා යද්දි මූදු වතුරේ කසිංජි සුවද නාස් පුඩු ඇතුලින් මට හොදට දැනුනා.. වෙරල අයිනේ සමහරක් තැන්වල ජෝඩු ජෝඩු වෙලීගෙන බදාගෙන උන්ගෙ ලෝක වල තනිවෙලා ඉද්දි එහෙන් මෙහෙන් මමත් වගේ එකෙක් වඩේ මල්ලකුත් අතේ තියාගෙන තනියම මූද දිහා බලාගෙන ඔහේ කල්පනා කරනවා බස් එකේ යන මට පෙනුනා.. සමහරක් හිතේ සතුටට මූදු වෙලරට ඇවිදින් යද්දි සමහරක් හිටියේම හිතේ තියෙන දුක අදෝනාව මූද එක්ක දියකරලා ඈත දියඹට යවන්න බලාගෙන..එහෙම යවන්න තිබුනානම් කොයිතරම් හොදද.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now