80 කොටස

15K 1.7K 576
                                    

" කිරිපුතේ~"

අපේ මාමා ඔන්චිල්ලාවෙ ඉඳන් අමුතු හිනාවකුත් දාගෙන මගේ දිහාට ඇවිදගෙන ආවා.. කවුද යකෝ කිරිපුතා.. ඒක ඇහුනා විතරයි අම්මයි ආච්චියි රධ්‍ය අයියයි තුන්දෙනාම හිනාවුණා..

" මාමෙ!!!"

" මොකද මොකද .. මේ වරද්ගෙ හොඳම යාලුවා කිව්වා නේද.. යමු පුතා ඇතුළට.. කිරිපුතේ ගෙට වරෙන්.. නැත්තන් එළීයෙන් ඉඳපන්.."

" පාඩුවෙ ඉන්න දේව්.. ආපුගමන්ම ඒ ළමයා අවුස්සගන්නෙ නැතුව.. එන්න පුතාලා ගෙට.."

අපේ මාමා මාව එහාට විසික් කරලා රධ්‍ය අයියගෙ රට අතකුත් දාගෙන ගෙට ගියා..මේක යකෝ.. හරි මගුලක්නෙ.. මාව පිලිගන්න මොකෙක් වත් නෑ.. මම හිමින්සැරේ අම්මට කිට්ටු වුණා.. අම්මා මගේ අතේ තිබ්බ බෑග් එක ගත්තා..

" අම්මා නැතුව ගෙදර පාළුයි.."

" දන් ආවනෙ ඉතින්.. මහන්සිද.."

" ටිකක්.. මට නෙමේ රධ්‍ය අයියයට මහන්සි ඇති..පැය කීයක් ආවද.."

" මම කාමරේ ලෑස්ති කලා.. ගිහින් ඇඟ සෝදගෙන කන්න එන්නකො.. ඊටපස්සෙ හොඳට නිදාගන්න.."

අපේ අම්මා මාව එක්කගෙන ගෙට යද්දි මාමා රධ්‍ය අයියට එයාගෙ කාමරේ පෙන්නන්න එක්කගෙන ගිහිල්ලා.. ආච්චිඅම්මා කිරි වීදුරු දෙකක් ගෙනැල්ලා මේසෙ උඩින් තිබ්බා..

" සුදුමහත්තයා ඇදිලා ගිහිල්ලා.."

අපේ ආච්චි අම්මගෙ තියරියට අනුව මම කවදත් ඇදිලා ගිය එකාය.. ඒ වුණාට එහෙම කියන්නෙ අර බොරුවට වගේ.. ඇදිලා ගිහින් කිය කිය කවන්න පුලුවන්නෙ එක එක ජාති.. අපේ ඉස්කෝලෙහාමිනෙත් කපටිම නෑ.. මම ගිහින් ආච්චිඅම්මගෙ කම්මුලට හාද්දක් දුන්නහම ආච්චි 'මල කෝලන්' කියලා මගේ බඩට එකකුත් ඇනගෙන කුස්සියට ගියා..

" ඒ අයියේ~"

" පුතා වොශ් එකක් දාගෙන එන්නකො.. පැය ගානක ඩ්‍රයිව් එකක්නෙ.. මහන්සිත් ඇතිනෙ.."

" එහෙමම නෑ මාමෙ.."

මේක යකෝ..මාර ලව් එකක්නෙ.. පැය ගෑනක ඩ්‍රැයිව් එකැක්නෙ යැයි යැයි තමා.. අපේ මාමා මම ආවා කියලා ගනන් ගත්තෙවත් නෑ.. පොඩ්ඩක් පුදුම වෙලා ඇවිත් මට හාද්දක්වත් දීපන් එහෙමවත් නෑ..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now