52 කොටස

16K 1.9K 176
                                    

" ඔහ් ෂනෙරු මල්ලි.."

මම බයික් එකේ ඉදපු හාල්පාරුවට බනින්න හොදවයින් වචන ටිකක් කටට එකතුකරගෙන ඉස්සරහා බැලුවත් හෙල්මට් ග්ලාස් එක උස්සලා මට නම කියලාකතාකරපු එකා දැක්ක ගමන් කතාකරන්න ගත්තු වචන ටික ආපහුම දිව අගින් ලොක් වෙලා ගියා.. යාන්තම් පහුගිය ටිකේ දෙයියනේ කියලා වසලා හිටියා රධ්‍ය අයියා නිසා.. මදැයි ඉදලා ඉදලා තනියම ඉස්කෝලෙන් එළියට බැස්සා..

" අයාන් අයියෙ.."

" මල්ලි ගෙදර යන ගමන්ද.. අද ක්ලාස් නැද්ද.."

නෑ උඹෙ කිරිඅප්පට බල්ලො හොයන්න යනවා.. මට කියාගන්න දාහක් දේවල් එනවා කියාන් අයියා මුගෙ මල්ලි නොවුනනම් අම්මපා කියනවා.. කියනවාමයි..

" අද කලාස් නෑ අයියෙ.. ගෙදර යනවා.."

" ආ.. මම හදිසියේ දැකලා නැවැත්තුවෙ.."

අනේ ලොන්ත සිප්පි හිකනලෝ.. උඹ හැමදාම මෙතන ඇවිත් බයික් එකෙන් කැරකෙනවා මම දැකලා තියෙනවා.. දිවේ ඉදන් තියෙන්නෙ බොරුවම තමා.. මූ නම් වැරදිලා කියාන් අයියගෙ අයියා වෙලාද කොහෙද..

" ආ එහෙමද අයියෙ.. මට අද ලේට් වෙලා තියෙන්නෙ.. මම යන්නම්.."

මම අඩිය තියලා ඉක්මනට එන්න හැදුවත්..

" පොඩ්ඩක් ඉන්න ෂනෙරු.. මට ඔයා එක්ක පොඩ්ඩක් කතාකරන්න ඕන.."

" කියන්න.."

" ඇයි ඔයා මගේ මැසේජස් වලට රිප්ලයි කරන්නෙ නැත්තෙ.. මම හිතන්නෙ ඔයා මාව බ්ලොක් කරලා.."

ඇත්තටම මම ඔය කියන විදියෙ මැසේජස් කවදාවත් දැකලා තිබ්බෙ නෑ.. එකපාරම කිව්වහම පුදුම හිතුනා..

" මට?? මැසේජ් දාලා තිබ්බා??"

" ඔව්.."

" මම දැක්කෙ නෑ.. එහෙම මැසේජ් වගයක්.."

" ඒත් ඔයා ඒවා රීඩ් කල්ලා තිබ්බා.."

" ආ සමහර විට රධ්‍ය අයියා ගාව වෙන්න ඇති ෆෝන් එක තියෙන්න ඇත්තෙ.."

" ඔහ්.. එහෙමද.. ඔයාගෙ ෆෝන් එක එයා ළග තියෙන්න තරම් ඔයාලා කිට්ටුයිද.."

" ම්ම්..ඔව්.. එහෙම තමා.."

" මල්ලි රධ්‍යව හෙනට බිලීව් කරනවා වගේ.. නේද.. වට් අ ලව්ලි ගේ කපල්.."

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now