23 කොටස

23.5K 2.1K 312
                                    

සෙනුකයා සෙනසුරාදා අපේ ගෙදර ආවා.. මේ වැඩ අස්සෙ ඌටයි මටයි පාඩම් වැඩ හෙනට මගෑරිලා තිබ්බෙ.. ඉතින් දවසෙම වගේ ඌයි මායි ගනන් හැදුවා තව පේපර්ස් වගේකුත් කලා.. කලාට පස්සෙ හවස පහට තිබ්බ ක්ලාස් එකට අපි දෙන්නම ගියා.. ඉරිදා මුළු දවසත් ක්ලාස් වලම ගෙවිලා ගිහින් ඉක්මනටම සදුදා වුනා.. සති අන්ත ගෙවෙනවා එහෙ බලලා මෙහෙ බලද්දි.. දන්නෙමත් නෑ පෙබරවාරි මාසෙ අන්තිමටත් කිට්ටු වෙලා.. ඇත්තටම දවස් ගෙවෙන්නෙ හිතාගන්නත් බැරි ඉක්මනින්.. ඕකෙන් මේකෙන් ඉතින් එක්සෑම් එක කට ලගටම එන එක තමා සිද්දවෙන නරකම දේ.. 

සති අන්තෙටම රධ්‍ය අයියා හවසට මැසේජ් එකක් දාලා 'හොදට පාඩම් කරන්න' 'රෑ වෙන්න කලින් ගෙදර එන්න' 'යාලුවො එක්ක රස්තියාදු ගහන්න එපා' 'වෙලාවට කෑම කන්න' 'නිදිමරන්න එපා' 'බැරි ගානක් තියෙනවනම් එවන්න මම හදලා එවන්නම්' ඔය වගේ උවමනාම දේවල් අහනවා මිසක් වෙන දේවල් කතාකරන්න ගියේ නෑ.. කොහොමත් ඌ වල්පල් කියවන්න එච්චර කැමති එකෙක් නෙමේ.. වල්පල් කිව්වෙ අනුන්ගෙ දේවල්.. නැත්නම් මම මොනවහරි මං ගැන හරි, අපෙ අම්මා ගැන හරි, වෙන මම කැමති දෙයක් ගැන කියවද්දි නම් අහගෙන ඉදියා.. හුගක් වෙලාවට මොකක් හරි සිංදුවක් ගැන අපි කතාකලා.. මහ ගොඩක් නෙමෙයි ඒ වුනාට අපි දෙන්නම කැමති ආටිස්ට්ලා හිටියා.. ඒ කතාකලත් පැය බාගෙකට වඩා අපි කොහොමවත් කතාකලේ නෑ.. රධ්‍ය අයියා වගේමයි අයුක අයියත්, සෙනුකයට පාඩම් කරපන් කරපන් කියලා ඌව මරාගෙන කන්නෙ නැති ටික විතරයි.. සැක් වෙලාවකට හිතෙනවා මුන් දෙන්නා අපි දෙන්නව බේබි සිටින් කරනවද කියලා.. 

සදුදා උදේ මම හිටියෙ පොඩ්ඩක් කලබලෙන්.. අද මැචස්.. එදා පිස්සු නට නට ඉදියා මිසක් හරිහැටි ප්‍රැක්ටිස් කලෙත් නෑ.. කමක් නෑ දැන් ඉතින් අවුරුදු හයක් තිස්සෙම මේ මගුල එහාට මෙහාට වනලා එහෙම අමතක වෙන්නෙත් නෑනෙ ඉතින්.. මම මැචස් වලදි මම අදින්න ගන්න ටයිට් ශෝට් එකයි ඇෆ්‍රොඩයිට් එකේ නේම් ප්‍රින්ට් කරපු ආම් කට් ශර්ට් එකයි බොටමයි තව ෂර්ට් එකකුයි ස්පොර්ට්ස් බෑග් එකට ඔබා ගත්තා.. අන්ඩර් ට්වෙන්ටි ප්ලේ කරද්දි හවස් වෙයි.. මුලින්ම තියෙන්නෙ පොඩි ලමයින්ගෙ නෙ.. මම උවමනා සේරම දේවල් අරගෙන ගෙදරින් එද්දී අම්මා වදින වෙලේ ඔලුව අතගාලා කිව්වෙ 'උඹ අන්ඩක් කඩාගෙන ආවොත් අනිත් අණ්ඩත් කඩලා දානවා' කියලයි.. මහ කුරිරුයි අපෙ අම්මත්..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now