46 කොටස

16.8K 1.8K 176
                                    

එදා එල්ඩර්ස් හෝම් එකට ගියාට පස්සෙ ආයෙම මාවයි රධ්‍ය අයියවයි හම්බුනේ නෑ.. එයාට ගන් ශූටින්ද මොකක්ද තියෙනවා කියලා ඒකට යන්න වෙලා අපේ ගෙදර ආවෙ නෑ.. ඒකත් හොදයි එක අතකට.. අල්ලපු ගෙදර ඉන්න පිස්සු කමනි ඇන්ටි හැමතිස්සෙම හොම්බ දික් කරගෙනනෙ ඉන්නෙ.. මෙහෙ මොනවද වෙන්නෙ කියලා.. අම්මා අද ගෙදර එනවා කියලා තිබ්බා..දැන් නම් ඇවිල්ලත් ඇති.. මම උදේ ක්ලාස් ඇවිල්ලා ගෙදර එනකොට රෑවෙනවනෙ.. මම හිටියේ මහීශා එක්ක කරුමක්කාර එකසිය හැට තුනේ ෆුට් බෝඩ් එකට පොඩ්ඩක් උඩින් එල්ලිලා යන ගමන්.. රෑට යන අන්තිම බස් නිසා මේවගෙ එන්න වෙන්නෙ නුගේගොඩින් ෆුට්බෝඩ් එල්ලිලා තමා.. ඉස්සර හයට ඉවරකරද්දිනම් මහනුවර-පානදුරක එල්ලිලා අපි දෙන්නටම ගෙදර ගාවින් බහිනවා.. කොහෙද දැන් මහ රෑ වෙනකල් පන්ති දානවනෙ.. අද මහීශාගෙ අම්මට වැඩ වගේකට එළීයට යන්න වෙලා අම්මා  එනකල් මහීශා අපේ ගෙදර ඉන්නවා කිව්වා.. අපේ අම්මත් ඉන්නවනෙ.. මේකි ගිය වෙලේ ඉදන් කරන්නෙම අපේ අම්මා එක්ක පච හලන එකනෙ.. මම බස් එකේ කොක්කක අත තියාගෙන ඔලුව අතට බර කරගෙන ආවේ.. පුරුදු කරුමක්කාර ලෙඩේට මගේ ඔලුව කකියන්න අරගෙන බඩේ දැවිල්ලක් අල්ලලා.. මාරම අමාරුයි.. බෙහෙත් ගෙනාවෙත් නෑ උදේ එන්න පරක්කු උනු නිසා අතට අහුවෙච්ච පොත් ටික ඔබාගෙන පන්ති ආවෙත්.. මම අතට ඔලුව බර කරගෙන ඇස් දෙක පොඩ්ඩක් පියාගෙන එද්දි මගේ සාක්කුවෙ තිබ්බ ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්තා..

" වරද්.. ක්ලාස් ඉවර වුනාද.."

" ඔව් මේ ගෙදර යන ගමන්.. තාම බස් එකේ.."

" මට ගන්න බැරිවුනා.. දැනුයි මම මෙතනින් එළියට ආවෙ..අද අම්ම එනවා කිව්වනෙ.."

" ම්ම්.. එනවා කිව්වා.. ඔලුව රිදෙනවා අයියෙ.."

" ඒ මොකද.. දවල්ට කෑම කෑවෙ නැද්ද.. බෙහෙත් බිව්වෙ නැද්ද නැත්නම්.."

" අමතක වුනානෙ ඒක ගේන්න.."

" අම්මපා වරද්.. උඹට සිහිය නෑ.. හුගක් අමාරුද.."

" ම්ම්.. රිදෙනවා.."

" පොඩ්ඩක් ඉදපන්.. දැන් ගෙදර යනවනෙ.. දැන් කොයි හරියෙද.."

" කෝට්ටෙ.."

" ම්ම්.. ඩයජින් එකක්වත් ගත්තෙ නැද්ද.."

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now