27 කොටස

20K 2K 124
                                    

ඉක්මනින්ම සති එක දෙක ගෙවිලා ගියා.. ඉස්කෝලෙ වැඩ මීට් එකේ වැඩ අනම් මනම් එක්ක මමයි සෙනුකයයි අනිත් හැමෝමයි කාර්‍යබහුල වෙද්දි සමහර වෙලාවට හිත් රිදීම් ඇති වුනා.. සමහර වෙලාවට හැමදේම එපාවෙලා ගියා.. එක දිගට තිබ්බ මැචස් දෙකකින් අපි ෆෝත් ප්ලේස් ගද්දි හවුස් එකේ ගුරුවරුන්ගෙ ඉදන් මටයි නෆ්‍රාස්ටයි ඇඩෙන්න බැනුම් අහන්න වෙද්දි මට දැනුනා වගකීමක් කියන්නෙ මොකක්ද.. වගකීමක බරපතලකම මොකක්ද කියලා.. 

අන්තිමට තියපු හවුස් මීටින් එකේ මමයි අපේ හවුස් එකේ කෝඩිනේටරින් බෝඩ් එකයි මුලු ඉස්කෝලෙම අපේ හවුස් එකේ ලමයි ඉස්සරහා අම්බානෙක බැනුම් අහද්දි මම නාඩා හිටියේ හරි අමාරුවෙන්.. මම කොච්චර වුනත් ඔහොම බැනුම් අහලා තිබිලා නෑ.. ජීවිතේට.. ඔච්චර ගොඩක් මැද්දේ.. මම අතත් බිදගෙන අන්තිමට තිබුනු හොකී මැචස් වල රිසර්ව් පවා ප්ලේ කලා.. මමත් නොසෑහෙන්න මහන්සි වුනා.. මෙශර්මන්ට්ස් අරයට මදි මෙයාට මදි කියද්දි ආයෙම ඒවා මාරුකරගන්න එහෙ ඇවිද්දා මෙහෙ ඇවිද්දා.. ස්ට්‍රෙස් එක උපරිමේටම තියෙද්දිත් මට ක්ලාස් යන්න වුනා.. ක්ලාසස් වල එක්සෑම් ලියන්න වුනා.. මග ඇරුනු නෝට් ලියන්න නිදාගන්න තිබ්බ වෙලාවත් නැතිකරගත්තා.. මැරිලා මැරිලා ගෙදර එද්දි ඇග පතේ අමාරුවට මට සේරම දමලා ගහලා ගෙදර ඉන්නෙ හිතුනා.. ගෙදර ආවත්, ගෙදර ප්‍රශ්න අම්මා ගැන අඩුපාඩුවක් නොකර හොයලා බලලා ඒ දේවල් කරන්නත් වුනා.. අනේ මන්දා හිතද්දිත් මම කොහොම එච්චර ගොඩක් කලාද හිතාගන්න බෑ.. ඒ ලෙවෙල් කරන කාලෙ මෙහෙව් එකක් කලා කියද්දිත් මගේ බඩ පපුව දගලනවා..

මේ කාලෙදි.. ඇත්තටම.. මට අනන්ත වතාවකට වඩා හිතුනා රධ්‍ය අයියා මගේ ජීවිතේට ආවෙ මගේ මොකක් හරි ලැබීමකට කියලා.. මම දන්නෙ නෑ කොහොම වචනෙන් විස්තර කරන්නද කියලා.. එයා මගේ ලග නොහිටි වෙලවක් නැති තරම්.. මම අදහස් කලේ තුරුල් වෙලා වෙළිලා කියන එක නෙමේ.. වචනෙකින්, හුස්මකින්, විනාඩි දහයක පහලොවක කෝල් එකකින් හැමතිස්සෙම වගේ රධ්‍ය අයියා මගේ ළගින් ඉදියා.. සමහර දවස්වලට අපි දෙන්නම ඉස්කෝලෙ ආවත් එක විනාඩියක්වත් කතාකරන්න වෙලාවක් හම්බුනේ නෑ.. රධ්‍ය අයියට තිබුනු වැඩ ගොඩේ හැටියට මාව අහන්න, බලන්න, කියන්න වෙලාවක් කොහොම තිබ්බද මන්දා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now