25 කොටස

19.8K 2K 169
                                    

" කන්ඩායමා............................................ප් පහසුවේ.........න් සිටින්.."

මම හිටියේ ස්කූල් ග්‍රවුන්ඩ් එකේ මාච්පාස්ට් කර කර.. මට මෙච්චර දවස් තිබිලත් මතක් වුනේ නෑ මෙහෙව් මගුලකට මමත් ඉන්න ඕන කියලා.. අද උදේ රධ්‍ය අයියා ගවුන්ඩ් එකට ඇදගෙන එනකල්ම මම හිටියේ ප්‍රිෆෙක්ට් රූම් එකට වෙලා කියාන් අයියත් එක්ක කයියක් ගහගෙන..

ඉස්කෝලෙ ජූනියර් ස්කොඩ් එකයි සීනියර් ස්කොඩ් එකයි දෙකෙන්ම ඉස්සරහා, හවුස් එකේ ෆ්ලැග් එක අරගෙන කැප්ටනුයි වයිස් කැප්ටනුයි යනවනෙ.. දැන් මම මේ ඉන්නෙ ඒ මගුල පුරුදු වෙන ගමන්.. ආබාදිත සෙබලා වගේ අතත් එල්ලගෙන මම පහසුවෙන් හිටගෙන හිටියා.. පහසුවෙන් කිව්වට මට දැනුන පහසුවක් නම් නෑ.. 

ග්‍රවුන්ඩ් එකේම ළමයි පන්සීයක් විතර හිටියා.. හවුසස් පහෙන්ම.. ඒ ඔක්කොම ඉස්සරහින් මමයි නෆ්‍රාසයයි අනිත් හවුසස් වල කැප්ටන්ලයි ෆ්ලැග් දෙක ගානෙ අතේ තියාගෙන පහසුවෙන් හිටගෙන.. හොදම වැඩේ මේක ප්‍රැක්ටිස් කරන්න ඉන්නෙ රධ්‍ය පොල් කාවයියා.. දැන් මට දෙපාරක්ම ඇවිත් බැනලා ගියා පපුව ඉස්සරහට දාන් ඉදපන් කියලා.. ඊළග වතාවෙ කිව්වොත් අම්මපා මම ඉදියේ ෆ්ලැග් එක අරගෙන උගේ පුපේ ගහන්න.. 

පහසුවෙන් ඉන්න කිව්වහම හැමෝම පහසුවෙන් ඉද්දි මට ලාවට ඇහුනා කොහෙන්දෝ මන්දා ඩාන් ඩාන් ගාලා සද්ද වගේකුයි ගිරිය පලාගෙන බනින සද්ද වගේකුයි.. මුගේ රීප්ප පටිය අල්ලලා බිදින්න තියෙන්නෙ දෙකට.. ඔහොම විනාඩි පහක් විතර ඉද්දි මගේ කොන්ද හරියෙන් මොකක්ද තදට වැදිලා මාව ඉස්සරහට තල්ලු වුනා.. 

" කොන්ද කෙලින්.."

රධ්‍ය අයියා මාව බලු බෙට්ටකටවත් ගනන් ගන්නැතුව කියාගෙන යද්දි මමත් ඌව එක මදටිය ඇටයක් තරමට ගනන් ගත්තෙ නෑ.. ඒ වුනාට ඉර අව්ව වැදෙනවා මූණට අම්මටසිරි වෙන්න.. මම අවුවෙ ඉදියම කළු නෙමේ රතු වෙනවා.. අනික කැප් එකක්වත් මොකුත්ම නෑ.. 

" කණ්ඩායමා..............................ප් සීරුවේ...............න් සිටින්.."

" ලෙෆ්ට් රයිට්.."

මම කකුල උස්සලා එකළග තියාගෙන ඉදියා.. සැක් මේ එකතැන ඉන්න වැඩ මට හරියන්නෙ නෑ.. කන කහනවා වගේ.. සපත්තුව අස්සෙ වැලි ගිහින් වගේ.. මූණෙ දාඩිය බේරෙනවා.. බෙල්ල කසනවා වගේ.. ඔහොම ඒවා දාහක් හිතෙනවා.. අතත් රිදෙනවා.. මගුල.. මට දමලා ගහලා බෙල්ල කසන්නමයි හිතෙන්නෙ.. ඒ වුනාට පන්සීයක් මැද්දෙ චාටර් වෙන්නත් බෑනෙ.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now