113 කොටස

13K 1.5K 272
                                    

" මේ කවුරුහරි එන්න කලින් ශේප් එකේ බැහැපන් සනෙරුවා.."

" ඉඳපන් ඉතින් රෙද්ද.. උඹ පොඩ්ඩක් සපත්තු දෙකත් දාන් නැඟලා බලපන් මේකට.. ඔය කියන ඉක්මනට කඩන්න පුළුවන්ද කියලා.."

මම ඈත පේන අඹ ගෙඩියට අමාරුන් අත දික් කල්ලා ඒක නැට්ටෙන්ම කඩලා අරගෙන වැටෙන් එහාපැත්තෙ ඉඳපු චමිරුට විසික් කලා.. අපි තුන්දෙනා විතරයි අද ටොප් බෝඩ් එකෙන් ඉස්කෝලෙ ඇවිත් තියෙන්නෙ.. නෆ්‍රාස් පල්ලි යනවද මොකක්ද කිව්වා.. ජොනතන් හෙට අනිද්දා තියන බිග් මැච් එකට උඩ පැනගෙන සෙල්ලම් කරනවා.. රූම් එකේ ඉන්න කම්මැලි නිසා අපි අඹ කඩන්න ආවා.. මේවා කඩන්න ගිහින් තමා සැරයක් රධ්‍ය අයියා මගේ කලිසම මහලා දුන්නෙ.. ඒ අස්සෙ මට රධ්‍ය අයියව මතක් වෙලා දුක හිතුණු නිසා අඹ කඩන එක නතර කල්ලා ගහේ අත්තකින් ඉඳගෙන ගහ දෝතින්ම බදාගත්තා.. මම මේකට නගින්නෙ අට වසරෙ ඉඳලා..

" මොකද බං ඔය.. සර් කෙනෙක් මැඩම් කෙනෙක් එන්න කලින් පහලට වරෙන්.."

" මට රධ්‍ය අයියව මතක් වෙනවා.."

" මේහ්.. බැහැලා මතක් කරපන්.. මාත් එන්නම් මතක් කරන්න.."

" උඹට තේරෙන්නෑනෙ මගේ දුක.. උඹලා පලයන් මම පස්සෙ එන්නම්.."

මම පහළ ඉන්න සෙනුකයා එක කතාකරද්දි චමිරුවා කම්බි වැටෙන් රිංගලාගහ ගාවට ආවා..

" ඇයි..??"

" මූට ගහෙන් බහින්න බැහැයි කියන්නෙ බං.."

" ෂනෙරු වැඩ තියනවා.. ඉක්මනට එන්න.."

මම චමිරු දිහා බලන්නැතුව ඈත ඉන්න කාක්කෙක් දිහා බලාගත්තා.. සක්කිලි පරෙයියා ආවා මෙතන මාව ගහෙන් බස්සන්න.. බහින්නෙ නෑමයි.. ඇයි ඌ මට මක් කරන්නද.. මට මුගෙ මූණට දෙකක් ඇනගන්නකන් නින්ද යන්නෙ නෑ..

" මම එන්නෑ.. මේ චමිරු පලයන්.. මම උඹ එක්ක කතාකරන්නෙ නෑ.."

සෙනුකයා මට දෙකක් රැව්වා..

" ඒ මොකද.."

" උඹට ඒකෙන් වැඩක් නෑනෙ පලයන්.. උඹ ඊයෙ මගේ බෑග් එකට කටුස්සෙක් අල්ලලා දැම්මනෙ.."

" හරි බං ඉතින් විහිළුවක්නෙ සනෙරුවා.. මේ වරෙන්.. ඒ ඒ හාමුදුරුවො වඩිනවා.. ටසිරි අන්න.. තැඹිලි පාටට.. අද හරි.."

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now