17 කොටස

20.4K 2.3K 164
                                    

අන්තිමට කොහොමහරි මම රධ්‍ය අයියලගෙ ගෙදරින් කෑමත් කාලා එන්න ලෑස්තිවෙද්දි අයියා කිව්වා මාව ගෙදරින් ඇරලන්නම් කියලා.. ඒ වෙද්දිත් එළියේ හොදටම වැස්ස.. රෑ හතට කිට්ටු කරලා.. යන්න පුලුවන් තත්වෙක තිබ්බෙත් නෑ බයික් එකක වගේනම්.. ඒවුනාට නොගිහින් බෑ අම්මා මම එනකල් බලාගෙන ඇති..

" කාර් එකේ යමු.. මම යතුර හොයන් එන්නම්.."

" ලයිසන් තියෙද.."

" ලයිසන් ඕන්නෑ. උඹට ඕන ගෙදර යන්නනෙ.. කියවන්නැතුව වරෙන්.."

" අනේ මේ තවුසෙ වාහනේ කොහේහරි ඇනගනීද දන්නෑ මේ වැස්සෙ ගිහින්.."

" එහෙම වෙන්නෑ වරෙන්.. උඹව පරිස්සමට ඇරලන්නම්.."

" ම්ම්.."

මමයි රධ්‍ය අයියයි එළිය බලාගෙන දොරකොඩ ගාවට වෙලා හිටියේ වැස්ස අඩුවෙනකල්.. සෙනුකයා තලපතා වගේ තාම ඇද බදාගෙන නිදි.. දැන්ම නැගිටින පාටකුත් තිබ්බෙ නැති නිසා මම අයුක අයියට කියලා යන්න ලෑස්ති වුනා.. 

" අයියගෙ කාමරේ යතුර ඇති මම අරං එන්නම්.."

" අනේ මේ ශුවර්නෙ.. තවුසෙට ඩ්‍රයිවින් පුලුවන්නෙ.."

" ඔව් බං ඔව් කිව්වනේ නහින්නතුව ඉදපන්.."

රධ්‍ය අයියා ගිරිය පලාගෙන කෑගහලා උඩට ගියාමයි මම සාක්කුව අතගාලා බලද්දි තේරුනේ ෆෝන් එක සාක්කුවෙ නෑ කියලා.. මල කෙලියයි තා ඩිංගෙන් ෆෝන් එක මෙහෙ දාලා යන්නෙ.. 

මම ඉක්මනට පඩිපෙළ නැගගෙන උඩට බාගයක් යද්දිම හත්තිලව්වේ ලයිට් ගියා.. බොරු කියන්න ඕන නෑ ඇත්තටම මම පොඩ්ඩක් විතර කරුවලට බයයි.. බයයි කියන්නෙ මේ මැරෙන්න තරම් බය නෑ.. ඒ වුනාට අර මූණ හෝදන්න ඇස් පියාගද්දි හොල්මන් මතක් වෙනවා වගේ මට ලයිට් ගිහින් කළවර වුනාමත් හොල්මන් කතා මතක් වෙනවා..

සැක් පඩිපෙලේ දැන් ආපු එකේ මම ඉතුරු ටිකත් අතගාගෙන උඩට නැගගෙන ගියා.. අයුක අයියත් මොන මගුලේ ගිහින්ද මන්දා.. රධ්‍ය අයියත් පේන්න නෑ.. ඔව් පේන්න ලයිට් තිබ්බෙ නෑනෙ.. මම බිත්තිය කොනෙන් අතගාගෙන රධ්‍ය අයියගෙ කාමරේට.. සැක් මේ සෙනුකයා ගොරව ගොරව නිදි.. මම ඌව එහාට රෝල් කල්ලා කොට්ටෙ අස්සෙ හිබ්බ ෆෝන් එක අරගෙන ටෝච් එක ගහගන්න යද්දි ඒකෙ බැටරි දහයට ලෝ වෙලා ෆ්ලෑශර් එක දාන්න විදියක් නෑ.. කමක් නෑ දැන් ෆෝන් එක ගත්තනෙ.. මම පේන පේන විදියට දොර ඇරගෙන එලියට ආවා විතරයි මොකෙක් හරි මගේ ඇගේ වැදුනා දඩාස් ගාලා.. වැදුනා කියන්නෙ මාව විසික් වෙලා යන්නම වැදුනා.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now