148 කොටස

10.7K 1.6K 507
                                    

හිතක් රිදුණහම සාමාන්‍ය තත්වෙට ගේන්න කොච්චර අමාරුද කියලා මම හිතන ගමනුයි හිටියේ.. හිත පාරවන මතක අස්සෙම මම අතරමං වෙලා වගේ.. මම මතක් කරගන්න ඕනම නැති තැන් වලට මම ආයෙ ආයෙ ගිහින් මගේ හිත පාරගන්න තරමටම මම අසරණ වෙලා හිටියා.. හැමදේම හොඳින් වේවි කියලා හිතුවට මම ගෙවෙන ජීවිතේ ඉන්නෙ හුඟක් මහන්සියෙන්.. අඩුම තරමෙ මට පැත්තකට වෙලා අඬන්නවත්.. මං ගැන කල්පනා කරන්නවත් වෙලාවක් තිබුණෙ නෑ.. සිංගප්පූරු ගමනින් පස්සෙ හැමතැනින්ම සැලකිය යුතු අවධානයක් මට ලැබුණා.. අනික් පැත්තෙන් රිසාල්ට්ස් නිසා ඒ ලැබෙන අවධානෙට වටිනාකමක් ආවා.. මම ජීවිත කාලෙටවත් හිතුවෙ නැති පුදුම සහගත දේවල් මාව වටකරගෙන මාව අසරණ කල්ලා වගේ දැනෙනවා..

හරියට රධ්‍ය අයියා මාව ආපහු හැරෙන්න බැරිවෙන තැනකට ගෙනිහින් අතෑරලා දාලා වගේ.. එයාට හැරෙන්න පුළුවන් දුර මාත් එක්ක ආවා.. මාව එක්ක ආවා.. එයාට එන්න බැරි, මට ආයෙ හැරෙන්න බැරි තැනට ආවහම එයා මාව එතන තියලා එයාගෙ ගමන යන්න ගත්තා.. අනික් හැමෝමත් එහෙමමයි.. හිතේ කොනක ගොඩගහලා තියන පාළුව මාව නොමරා මරනවා.. හැමෝටම මම හොඳින් කියලා පෙන්නන්න හදන හැම වතාවෙම මම හිරකරගෙන ඉන්න 'මාව' සෑහෙන්න අසරණ වුණා.. 

ඇහැට කඳුලක් උනන්න ඕනම නැති තැන් වලත් ඉබේම ඇස් වලට කඳුළු උනද්දි.. ඇස් රතුවෙද්දි.. මට අසරණ කමක් දැනුණා.. මම කැමති නෑ කඳුළු උනනවට.. මම හැම එකකටම අඬන්නෙ නෑ.. ඒත් මේ කාලෙ ඇතුළත මම නොසෑහෙන්න ඇඬුවා.. ඇඬුව තරමට මටම හිතෙනවා දැන් ඇඬුවා ඇති කියලා..

මම ආයෙම අඬන්න ඕන නෑ කියලා මම හිතුවා..

අඩුම තරමෙ ඇස් වල කඳුළු උනන තරම දවසට එක වතාවක් වුණත් මට සතුටුයි.. මට ඒ ඇති.. මට හැමදේම අතාරින්න බෑ.. මම එහෙම අතෑරලා බලන් ඉඳපු කෙනෙක් නෙමේ.. හැම වතාවකම නැගිට්ටා.. ඉතින් දැන් මම මානසිකව කඩාවැටිලා ඉන්න හැටි දැක්කම මට මං ගැනම ලැජ්ජයි.. ආච්චිඅම්මා කිව්ව විදියට හැමදේම හොඳින් විසඳෙනකල් මට ඉවසගෙන ඉන්න වෙනවා.. ආච්චි කියන්නෙ ඉවසීමෙන් සැනසීම ලැබෙනවලු.. ඉවසලා ඉවසලා අමාරුම තැනේදිත් ඉවසන්න ඕනලු.. ඒ කතාව මට එක අතකට ප්‍රැක්ටිකලි නැතිවුණත් මම ආච්චිගෙ වචන විශ්වාස කළා.. මොකද මට මගේ කියලා කෙනෙක්ට හයියකට හිටියෙ මගේ ආච්චිඅම්මා විතරයි.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now