11 කොටස

23.4K 2.4K 390
                                    

මම ග්‍රවුන්ඩ් එකේ කැරකි කැරකි ඉදලා ආපහු ජිම් එකට යද්දි ප්‍රැක්ටිස් මැචස් පටන් අරන් පැයකටත් වැඩී.. සියුස් එකේ ඉන්න මතීශයයි හශානයයි හම්බෙලා කයියක් දාගෙන ඉදලා ආපහු එද්දි සෙනුකයා මං දිහා බලාගෙන කට ඇද කරගෙන එහාට යනවා මම ඇස් කොනින් දැක්කත් මගෙ හිත රිදුනා.. අයුක අයියා සෙනුකයා යන දිහාවට ඇවිදගෙන යද්දි මට කතාකරන්නවත් මොකෙක්වත් හිටියෙ නෑ.. ජිම් එකේ සිමෙන්ති පඩිපෙලවල් වල කොනේ ‍ර්ධ්‍ය අයියයි කියාන් අයියයි ඉදගෙන ඉද්දි මම කරබාගෙන ඒ පැත්තට ගියා.. අඩුම මුන් දෙන්න හරි ඉන්නවනෙ කියවන්න.. කමක් නෑ.. මම කතාබහක් නැතුවම ගිහින් කියාන් අයියට එහාපැත්තෙන් වාඩිවෙලා ඌ බල බල හිටිය ෆයිල් එකට මූණ දැම්මා.. හරිනම් මම කරන්න ඕන වැඩ මුන් දෙන්න මේ කරන්නෙ.. මම ඉතින් හිත බිදිලා ගියානෙ වටේ..

" දෙන්න අයියේ මම කරන්නම්.."

මම කියාන් අයියගෙ අතේ තියන පෑන උදුරලා ගද්දි රධ්‍ය අයියා රවාගෙන බලාගෙන හිටියේ පෑන ගද්දි එකට ගෑවෙන අත් දිහා.. කලකිරීමෙන්ද මොකක්ද මන්දා.. ඒ ඇස් වල අමුතු දුකක් තිබුනා.. මම ගිය විනාඩි ගානට මුගෙ මූණ නාළු වෙලා..

" උඹලා දෙන්නා එහෙනම් ඔය ටික ඉවර කරපන්.. මම ගයාන් සර්ව හම්බෙලා එන්නම්.."

කියාන් අයියා මගේ පිටට ගහගෙන එහනින් නැගිටලා ගියාම රධ්‍ය අයියා ලොකු හුස්මක් පහල දාලා කලකිරීමෙන් ඈත බලාගෙන හිටියා.. ජිම් එකේ තියෙන ආටිෆිශල් වුඩ්න් ෆ්ලෝ එකේ ලමයින්ගෙ සපත්තු ලිස්සලා එන සද්දෙයි කෝච් කාරයා කෑගහන එකයි අපි අතරේ ලොකු ඝෝශාවක් මවලා තිබ්බා වුනත් රධ්‍ය අයියා ඈත බලාගෙන හිටියේ ඒ මෙලෝ දෙයක් ඇහෙන්නෙ නැතිව එයා විතරක් මෙතන ඉන්නවා වගේ.. මූ ඔහොම බකන් නිලාගෙන ඉද්දි මගෙ හිතට හරි නෑ වගේ නිසා මම හිතලම මගෙ අතේ තිබ්බ පෑන බිමවැට්ටුවා..

රධ්‍ය අයියා ගැස්සිලා වගේ මගේ දිහා බැලුවේ මේ සේරම සද්ද අස්සෙ පෑන බිමට වැටුනු එක විතරක් එයාගෙ මොලේ හරියටම ප්‍රතිචාර දැක්කුවා වගේ.. රධ්‍ය අයියා ඉක්මනින් පෑන අහුලලා මගෙ උකුල උඩින් තිබ්බම නොදැනිම මම එයා දිහා බලාගෙන හිටියා..

පලවෙනි පාරට..

පලවෙනි පාරට මම කවදාවත් දැකලා නැති පෙනුමක් රධ්‍ය අයියගෙන් මම දැක්කා.. එයාගෙ ඇස් තද කළු පාට ගැඹුරු හරිම ගුප්ත පාටයි.. මූනේ සුදුමැලි පෙනුම කපාගෙන මතුවෙලා තිබුනු දුඹුරු ලප එයාට හුගක්ම ගැලපුනා.. මට දැනුනේ ඇග කිලිපොලා යන අමුතු හැගීමක්.. ඒ ඇස්වල තිබ්බ අමුතු දුක මගේ හිතේ අමතක නොවෙන විදියට ඇදුනේ ඇයිද මම කියන්න දන්නෙ නෑ.. මට තේරෙන එකම දේ.. මෙහෙම දෙයක් කවමදාවත් මට දැනිලා නෑ..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now