4 කොටස

24.1K 2.4K 363
                                    

පහුවදා ඉස්කෝලෙ යන්න ලැහැස්තිවෙලා මම ගෙදරින් එද්දී අම්මා උන්නෙ අසනීප ගතියෙන්.. ඇහුවට කිව්වෙත් නැති නිසා මම ඕක කල්පනා කර කර හෝල්ට් එකට ඇවිත් අපේ ඉස්කෝලෙ ස්කූල් බස් එකේ නැගලා ඉස්කෝලෙට ආවා..

වෙලාව පාන්දර හයයි හතළිහයි.. අපේ පන්තිවල උන් උදේට ඇවිත් ගනන් හදනවා.. පාඩම් කරනවා.. කොහොමත් බයෝ මැත්ස් සෙක්ශන් මම දැක්ක දවසෙ ඉදන් ඔහොම තමයි.. එහෙම නොකරත් බෑනෙ වැඩ අහස උසට.. අනික මේ ජනවාරි.. ලබන අවුරුද්දෙ පෙබරවාරි විතර විබාගෙ.. ඔක්තෝබර් වල තියන්න තිබ්බ විබාගෙ පෙබරවාරි වලට කල් ගියේ ඉස්කෝලෙ ගුරුවරු වර්ජනයක් කරපු නිසා පහුගිය කාලෙ.. ඒකත් හොදයි එහෙම වෙච්ච එක..

මම ක්ලාස් එකෙන් බෑග් එක තියලා එලියට යද්දි හශාන් මල් වට්ටියත් උස්සගෙන මං ගාවට ආවේ මල් කඩන්න යන්න කියන්න.. 

හැමදාම පංති බාර මැඩම් කියනවා මල් ගෙදරින් ගේන්න කියලා.. ඒවුනාට මමනම් මේ ඉස්කෝලෙ ඉදපු අවුරුදු හයේම අපි මල් කැඩුවෙ ඉස්කෝලෙන්.. ඇයි යකො ඉස්කෝලෙ මල් හැමතැනම වවලා තියෙනවා හිතේ හැටියට.. කඩා ගත්තම මක් වෙනවද.. ඒකත් ඉතින් අලි වට්ටි වලට නෙමේ නෙ.. මේ හිච්චං පීරිසියකට වගේනෙ තියන්නෙ.. 

ඌයි මමයි පීරිසියත් වන වනා ආවෙ ඉස්කෝලෙ බුදු මැදුර පිටිපස්සට.. ඉස්කොලෙ වට කරපු ලොකු බුදුමැදුරෙ පිටිපස්සෙ තිබුනේ ලොකුම ලොකු සේපාලිකා ගහක්.. ඕක ඉතින් ඓතිහාසික සේපාලිකා ගහක්.. මොකද ඕක ඉස්කෝලේ පටන් ගත්තු දවසේ ඉදන්ම ඔතන තියෙනවාලු.. උදේට ඔය පැත්තට ගියෝතින් සේපාලිකා සුවදට නහය කඩාගෙන යන්න හදනවා.. ඒ තරමට මල්.. රෑ පිපිලා උදේට බිම පුරාම හැලිලා පලසක් එලලා වගේ මාරම ලස්සනයි.. අපි ඉතින් සේපාලිකා වට්ටියට තියන්නෙ නෑ බිම වැටිලා නෙ.. ඊට එහා පැත්තෙ තිබ්බ වතුසුදු ගහ ගාවට ගිහින් මල් ටිකක් කඩාගත්තා..

ඉස්කෝලෙ බුදුමැදුරට ඉස්සරහින් තිබ්බේ ඉස්කෝලෙ ඔඩිටෝරියම් එක.. මම ඉස්සි ඉස්සි මල් වලට අත දික් කර කර කඩද්ද්දී නිකමට මට ඇහැ ගියේ ඔඩිටොරියම් එකට අල්ලලා තිබ්බ බැල්කනිය දිහාවට.. 

මම කීයටවත් බලාපොරොත්තු වුනේ නෑ මේ වෙලේ මෙයාව දකින්න.. ඒ වුනාට බැල්කනි වැටට අත් දෙකත්  තියාගෙන මගේ දිහා එක එල්ලෙම බලාගෙන හිටියේ රධ්‍ය අයියා.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now