9 කොටස

21.7K 2.3K 535
                                    

" සුදුමහත්තයා මම පන්සලට ගිහින් එන්නම්.. පරිස්සමට ගෙදරට වෙලා ඉදපන් ඈ.. කොල්ලො.."

ආච්චිඅම්මා හවසට තියෙන මරණාධාර සමිතියෙ රැස්වීමට යන්න ඇදපැලදගෙන මම ඉන්න කාමරේට මූනදාලා කිව්වා.. මම එවෙලෙ ඉදියේ පාඩම් කර කර.. ඇරත් ඕවට ආච්චිඅම්මා මාව එක්කන් යන්නෙ නෑ එක්කන් යන්න කිව්වත්.. ගමේ ගෑනු අස්සෙ නෑවිත් ඉන්නවට කාරි නෑ කියල තමා කියන්නෙ..

" ආ.. හා.. ආච්චිඅම්මෙ පරිස්සමට ගිහින් එන්න එහෙනම් හොදේ.."

මම ඕන්ලයින් තිබ්බ ක්ලාස් එකකුත් ඉවරකල්ලා හැන්දෑ වෙන්න ගෙදර ඉස්සරහට වෙන්න හදලා තිබ්බ ඔන්චිල්ලාවට වෙලා ඔහේ පැද්දි පැද්දි හිටියා.. අම්මා මොනවා කරනවද දන්නෙ නෑ කතාකලේම නෑනෙ.. කමක් නෑ ආච්චිඅම්මා හැමතිස්සෙම කතාකරනවනෙ.. අනිද්දා යන නිසා ඉන්න එකයි තනියෙම.. මම හිටියහමනෙ රණ්ඩුවෙන්න එන්නෙ.. මම ඔන්චිල්ලාවෙ එක පැත්තකට කඹේට ඔලුව තියාගෙන මනෝ පාර ගහන් ඉද්දි ලස්සන නංගි කෙනෙක් මාව දැකලා කොණ්ඩෙත් ගස්සා ගස්සා අල්ලපු ගෙදරට දුවගෙන ගියා.. මටත් ඉතින් හෙන මනමාල හිනාවක් ආවත් ඒක එකපාරට කබාසිනියා කල්ලා දැම්මෙ ෆෝන් එකට ආපු කෝල් එකක්.. මේ අර පාන්දර ආපු නම්බරේ නේද.. මම ආන්සර් කල්ලා ෆෝන් එක කනේ තියාගෙනත් බැලුවේ එහා ගෙදර නංගි ගෙට ගියාද කියලා.. සැක් හිනාවෙන්නවත් බැරිවුනානෙ..

" හලොව්.. කවුද කතාකරන්නෙ..??"

මම කතාකරත් තප්පර පහක් විතර යනකල් එහාපැත්තෙන් කිසිම සද්දයක් ඇහුනේ නෑ..

" මම රධ්‍ය කතාකරන්නෙ.. මේ වරද් ද..??"

ඔන්චිල්ලාවෙ පැද්දි පැද්දි හිටිය මම එකපාරම ගල් ගැහිලා වගේ නැවතුනා.. දෙයියනේ මුගෙ කටහඩේ ගොරෝසු ගතිය.. බයත් හිතෙනවා.. අනික හලෝ අනම් මනම් මොකුත් නෑ නිකන්ම 'මම රධ්‍ය කතාකරන්නෙ' යැයි යැයි තමා.. මේ හාල්පාරුවා නිසා මගේ ලස්සන සුදු මූනෙ රතුපාට ඉරක් ඇදිලා තාම ගිහින් නෑ.. දෙන්න හිතයි.. පගයට..

" ඔව් අයියෙ වරද් තමා.."

මම ඕනවට එපාවට කතාකලා.. මම වරද් නෙමෙයි යකෝ ෂනෙරු ෂනෙරු.. මම ඔය වරද් කෑල්ලට එච්චර ආස නෑ.. නිකන් වරදක් කල්ලා වගේ.. ඔය නම දන්න උන් ඉන්නෙත් දෙතුන්දෙනයි.. ඒ අයවත් මට නම ඔය කෑල්ල කියලා කතාකරන්නෙ නෑ.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now