28 කොටස

21.7K 2K 379
                                    

" මේක අද ඉවර කරගන්න පුළුවන් වෙයිද බං.."

" අනේ මන්දා.. බලපන්කො බඩවැල වගේ දිග මේකෙ.."

" අපරාදෙ අපිට කලින්ම ඉවර කරන්න තිබ්බ නේ බං.."

" ඉතින් වෙලාවක් තිබ්බෙ නෑනෙ.."

" ඔව් නේද.. ඔලුවත් රිදෙනවා දැන්නම්.."

මමයි සෙනුකයයි හිටියේ රධ්‍ය අයියගෙ ගෙදර ඒකාගෙ කාමරේට වෙලා මාගල වගේ දිග නම් ලිස්ට් එකක් ලැප් එකේ ටයිප් කර කර අපේ හවුස් එකේ සෙටිෆිකේට්ස් වල ප්‍රින්ට් කරන්න.. 

මේ මගුල දිග ඇරගෙන ඉන්නෙ උදේ නවයේ ඉදලා දැන් වෙලාව දෙක හමාරයි.. තාම ඉවර කල්ලා තිබ්බෙ බාගයයි.. අද රධ්‍ය අයියගෙ ගෙදර ප්‍රයිවට් බස් එකක් වගේ මුළු ගෙදරම කට්ටිය පිරිලා සෑහෙන්න වැඩ.. හෙට ස්පෝර්ට්ස්මීට් එකට ඩෙකරේශන්ස් වලට ඕන දේවලුයි ෆ්ලැග් අනම් මනම් ඩිසයින් කරන්නයි පහල සාලේ අපේ හවුස් එකේ මල්ලිලයි රධ්‍ය අයියගෙ යාලුවොයි මගේ යාලුවොයි සේරම මෙහේ ඇවිත් හිටියා.. උන් ආතල් එකේ පහළට වෙලා කෑගගහා හිනා වෙවී එක එක වැඩ කරනවා.. මමයි සෙනුකයයි කාමරේට වෙලා මේ ලැප් එකත් බදාගෙන පණ දාගෙන නම් ටයිප් කරනවා.. සෙනුකයගෙ මිනිහා උගෙ නැටිල්ල වැඩී කියලා ඌව එක්ටැම්ගේ හිරකල්ලා ගියා..

" පහළ ඉන්න උන් මේ යන විදියට අද ඉවරකරයිද බං.. බලපන්කො සද්දෙ.."

" අනේ මන්දා.."

මම උරහිස අකුලලා පුටු ඇන්දට හේත්තු වුනා.. කමක් නෑ අද විතරනෙ.. ඊටපස්සෙ නම් බාහිර වැඩ මෙලෝම ලබ්බකට මමනම් යන්නෙ නෑ නෑ නෑමයි.. මෙහෙම කට්ටක් කෑවෙ නෑ කිසි අවුරුද්දක.. පුදුම කරුමයක් වුනා මේ ලීඩර්ශිප් එකක් අරගෙන.. 

මම හිතට ආපු කුජීත අයිඩියා එකකට මහත සෙලොටේප් එකක් අරගෙන ගිහින් දොරේ උළුවස්සෙ හරහට පටවල් දෙකක් විතර සෙනුකයා එක්ක අලවලා බැල්කනි එකට ගිහින් පහළට බෙල්ල දාලා එළීයේ පේන්ට් එකක් ස්ප්‍රේ කර කර ඉදපු රධ්‍ය අයියටයි අයුක අයියටයි උඩට එන්න කතාකලා..

" රධ්‍ය අයියේ මේ එන්නකෝ.. ලැප් එක ස්ටක් වෙනවනේ.."

" ඕක රීස්ටාට් කල්ලා බලපන්.."

" බෑ අනේ එනවකෝ.."

මමත් උඩ තට්ටුවේ ඉදන් බෙරිහන් දුන්නා.. මාව දැකලා ගෙදර පැත්තක කූඩුවේ ඉදපු තඩි බල්ලෝ දෙන්නා හෙන ගහන්න වගේ බුරන්න ගත්තා.. හොදවැඩේ කූඩුවෙම ඕන තියන්න.. අම්මන්ඩිලා දෙන්නා.. මලක් වගේ මට  බුරන්න..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now