119 කොටස

13.8K 1.6K 627
                                    

මම හිටියේ රධ්‍ය අයියත් එක්ක වෙච්ච මහා විසාල රණ්ඩුවක් දුරදිග ගිහින්, අපේ මාමගෙන් ගුටි කාලා, දුක හිතිලා, දානෙ ගෙදර කියලා බලන්නැතුව ඉස්තෝප්පුවෙ කොනකට වෙලා කිකිළීගෙ පුංචිඅම්මගෙ දුවගෙ එහාපැත්තෙන් ඉඳගෙන.. මම ඒ කෑල්ලව පෞද්ගලිකව දන්නෙ නෑ.. හැබැයි මම දන්නවා ඒ පුංචිඅම්මගෙ දුව කියන පෙට්ටි කිකිළී මගේ මනුස්සයට බැල්ම දාගෙන ඉන්නවා කියන එක විතරක්.. දෙනවා මම උඹට බලාගෙන හිටපන් අසමජ්ජාති කිකිළී කෑල්ල..

උදේ රධ්‍ය අයියා, එයා සෑහෙන්න රැවටුණ එකට කේන්ති ගිහිල්ලා මගේ පාර පස්සෙ අඹෝලා මම කුස්සියෙන් එළීයට පැනලා ආයෙ මාමලාගෙ ජනේලෙන් කාමරේට පැන්නහම සුව නින්දේ ඉඳපු අනුකිච්චයි සාකිච්චයි ඇහැරුණා.. ඇත්තෙන්ම මගේ හදවත පල්ලා මම ඒ දෙන්නව ඇහැරන්න හීනෙකින්වත් හිතුවෙ නෑ.. අනික මම එහෙම හීනෙන් උන් දෙන්නා ගැන හිතන්නෙත් නෑ කොහොමත්.. මම හිතන්නෙ මම ගැන.. රධ්‍ය අයියව තරු-

කොහොම හරි මම ඒ දෙන්නවත් අතවැරදීමෙන් ඇහැරලා කාමරෙන් යන්න ගියා විතරයි රධ්‍ය අයියා දොර ඇරගෙන ඇවිත් ගුලි කල්ලා චප්ප කරපු බුලත් කොළ වගයක් මගේ කටේ එබුවා.. මම රධ්‍ය අයියට හෙප්පුවෙන් ගහලා ඊටපස්සෙ ඒක මහා පරිමාණ රණ්ඩුවක් වෙලා.. මාමගෙ ඇඳ ගලවගෙන වැටෙන්න තරමට ගහ මරාගෙන.. ආධ්‍ය අයියා බේරන්න මැද්දට පැනලා එයත් ගුටි දෙකතුනකුත් වද්දගෙන.. පස්සෙ මාමා රධ්‍ය අයියටයි, මටයි, ආධ්‍ය අයියටයි තුන්දෙනාටම හොඳ පාරවල් ටිකක් ඇදබාලා එකට ඉන්න එපා කියලා කාමරෙන් එළීයට දැම්මා.. ආධ්‍ය අයියට ඒකට මලපැනලා මාමට හෙප්පුව විසි කල්ලා ගහන්න ගිහින් පස්සෙ මාමා ආධ්ය අයියව ආයෙම ඇතුළට ඇදලා අරගෙන දොර වහගත්තා.. 

අනේ මටෝන්නෑ කෞරුවත්.. 

මම රධ්‍ය අයියා මට රවාගෙන මගේ ඉස්සරහින් වතුර වීදුරුවක් ට්‍රේ එකක තියාගෙන අල්ලගෙන යන දිහා බලාගෙන ඉඳලා දෙකක් රවලා ශේප් එකේ මිඩ්ල් ෆින්ගර් එක පොයින්ට් කලාම රධ්‍ය අයියත් මගෙ මිඩ්ල් ෆින්ගර් එක පොයින්ට් කල්ලා රවාගෙන යන්න ගියා.. මුගෙ ගැස්සිල්ල යකෝ.. දෙන්න හිතයි තරු පේන්න පුපට දෙකක්.. ගැටපොලොස් කොට්ටෝරුවගෙ.. ඒ එක්කම මගේ ෆෝන් එකට වට්සැප් එකේ මැසේජ් එකක් ආවා.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now