21 කොටස

22.4K 2.2K 342
                                    

මම හිටියේ ජිම් එකේ පැත්තකින් වාඩිවෙලා රැකට් එක අත දිගේ රෝල් කර කර වහළ දිහා බලාගෙන.. සර්ගෙන් බැනුමකුත් අහලා ගුටියකුත් කාලා.. දැන් මම ප්‍ලේ කරන අරගෙන පැය දෙකකටත් වැඩී.. සර් මට අවධානෙ නෑ තෝ මොන ලෝකෙද ඉන්නෙ කියලා රැකට් එකේ හැන්ඩ්ල් එක පැත්තෙන් දුක්කා පුපට පාරක්.. මම ඉතින් ලැජ්ජාව බාල්දියෙන් එකකුත් පුරවගෙන ඇවිත් පැත්තකින් වාඩි වුනා.. මොකුත් කරන්න හිතෙන්නෙ නෑ අරූගෙ අර ලබ්බෙ ෆෝන් කවරෙ අස්සෙ තිබ්බ වේළීච්ච මල දැක්ක වෙලේ ඉදන්.. මට ඒක එවෙලෙ මීටර් වුනේ නැති වුනත් පස්සෙ මතක් උනේ දවස්ක් මම උගේ කොල්ලට ප්‍රපෝස් කරන්න හිතාගෙන ඔය මලක් ඌට දික් කරපු හැටියි.. එදා මූ මලපැනලා මටත් ගස්සගෙන ගිය හැටියි..

" බැරිවෙලාවත් මූ කැමති මටද දන්නෙ නෑ.."

මම දැන් හපලා හපලාම නියපොතු අහුවෙන්නෙත් නෑ.. මට මේක දැනගන්නම ඕන.. මොකද කියාන් අයියා කියපු සේරම දේවල් මටත් එහෙන් මෙහෙන් අදාලයි.. මම ඔය කියන විදියට අටේදි සිංදු කියලා ඔෆිස් එකේ දණගහගෙන හිටියා.. ඒ කාලෙ මම හිටිය කල්බ් වල සොසයිටි වල මූත් හිටියා..ඒ වුනාට මූ මාත් එක්ක කතාකල්ලවත් නෑනෙ.. කතාකරන්න තියා මූණවත් හරිහැටි බලලා නෑ.. හිනාවෙලාවත් නෑ.. එහෙම එකේ මට අරහෙම හිතන්නත් බෑ.. ඒ වුනාට නොහිතත් බෑ.. මූ පලවෙනියටම මම මූ එක්ක කතාකරපු දවසේ ගැස්සුන විදිය.. මාව මගාරින විදිය.. එදා මම නිදාගෙන ඉද්දි අයුක අයියා එක්ක කියවපු විදිය.. මට දැන් සේරම එකට මැවිලා පේනවා ෆිල්ම් එකක් වගේ.. අනේ මන්දා කොහොම හිටිය මමද මේ කොනක් අල්ලගෙන කල්පනා කර කර ඉන්නෙ.. මට හෙන අවුල්.. එකපැත්තකින් මම මූට කැමති වේගෙන එනවා.. අනිත් පැත්තෙන් මූ කැමති එකෙක් ඉන්නවා.. ඒවුනාට මට හිතෙනවා ඌ කැමති මටද කියලා.. 

මේවා හිත හිත බෑ සදුදට මැචස්.. මට මෙලෝ අවධානයක් නෑ කියලා එහේ කෝච්කාරයා කෑගහනවා.. මම වටපිට බලලා ශේප් එකේ රැකට් එකත් උස්සගෙන ජිම් එකෙන් එළීයට පැනගත්තා.. 

" සෙනුකයා.. කෝ මේකා.."

මම සෙනුකයව හොයාගෙන මියුසික් රූම් එක පැත්තට යද්දී මියුසික් රූම් එක ගාව පඩිපෙලේ සෙනුකයයි අයුක අයියයි රධ්‍ය කාරයයි වාඩිවෙලා හෙන කයියක් දාගෙන ඉන්නවා.. නෑ නෑ රධ්‍ය කාරයා පැත්තකට වෙලා කම්මුලකට අතකුත් ගහගෙන අරුන් දෙන්නා දිහා නෙමේ අහක බලගෙන ඉන්නවා.. මූ මොන මගුලක්ද කපල් අස්සෙ කරන්නෙ.. පැත්තකට වෙලා ඉන්න බැරියැ.. එක්කො මුන් දෙන්නා විතරක් ඉන්න එක හරි නැති නිසා පැත්තකින් ඉන්නව ඇති..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now